අතුරුදන් වූ බණ්ඩාර හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණඇපයේ තබා ගෙන ඇති බවට බියක් – තානාපති

පලස්තීන හමාස් සටන්කාමීන් සමඟ පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා සිට ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටින බවට සැක කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරට අනුව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ Tel Aviv හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇත.

තානාපති බණ්ඩාර පැවසුවේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයෙන් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට සහ සුජිත් බණ්ඩාර යටවර මහතාගේ පවුලේ අයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.

48 හැවිරිදි දෙදරු පියෙකු වන සුජිත් බණ්ඩාර ඔක්තෝම්බර් 7 වනදා සිට අතුරුදහන්ව සිටියි.

පසුගියදා ඊශ්‍රායල පොලිසිය විසින් සොයාගත් නාඳුනන මළ සිරුරකට සුජිත් බණ්ඩාර යටවරගේ දරුවන්ගේ DNA සාම්පල ගැළපෙන්නේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වන බවද තානාපති බණ්ඩාර මහතා පැවසීය.

හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 239 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 4 දෙනෙකු මේ වන විට නිදහස් කර ඇත.

අතුරුදහන් වූ ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර මුදාගැනීම සහතික කිරීම සඳහා ඊශ්‍රායල බලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සමඟ සහයෝගයෙන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විට සකස් කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා පැවසීය.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!