අතුරුදන් වූ බණ්ඩාර හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණඇපයේ තබා ගෙන ඇති බවට බියක් – තානාපති

පලස්තීන හමාස් සටන්කාමීන් සමඟ පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා සිට ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර සිටින බවට සැක කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරට අනුව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ Tel Aviv හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇත.

තානාපති බණ්ඩාර පැවසුවේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයෙන් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට සහ සුජිත් බණ්ඩාර යටවර මහතාගේ පවුලේ අයට මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි.

48 හැවිරිදි දෙදරු පියෙකු වන සුජිත් බණ්ඩාර ඔක්තෝම්බර් 7 වනදා සිට අතුරුදහන්ව සිටියි.

පසුගියදා ඊශ්‍රායල පොලිසිය විසින් සොයාගත් නාඳුනන මළ සිරුරකට සුජිත් බණ්ඩාර යටවරගේ දරුවන්ගේ DNA සාම්පල ගැළපෙන්නේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වන බවද තානාපති බණ්ඩාර මහතා පැවසීය.

හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 239 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 4 දෙනෙකු මේ වන විට නිදහස් කර ඇත.

අතුරුදහන් වූ ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර මුදාගැනීම සහතික කිරීම සඳහා ඊශ්‍රායල බලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සමඟ සහයෝගයෙන් හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විට සකස් කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා පැවසීය.

Latest News

More like this

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...