කටුනායක ගුවන් තොටුපළට, කොළඹ වරායට ස්කෑන් යන්ත්‍ර සහ ස්මාර්ට් වැසිකිළි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ කොළඹ වරායේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ පරිත්‍යාග කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයකට අනුව වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4ක් වටිනා අධිතාක්ෂණික ස්කෑනින් යන්ත්‍ර තොගයක් එම උපකරණවලට ඇතුළත්.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය යටතේ රෝග හඳුනා ගන්නා ස්කෑනර්, ගමන් මලු ස්කෑනර්, සම්පූර්ණ ශරීර ස්කෑනර්, විදේශ ගමන් බලපත්‍ර ස්කෑනර් සහ ජෛවමිතික (Bio Metric) ප්‍රවේශ පාලන පද්ධතියක් ලබා දී ඇතැයි පැවසෙනවා.

දිවයිනට පැමිණෙන අමුත්තන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන්ම සංචාරක නෞකා ආකර්ශනය කර ගැනීමත් සමඟ එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

“ගුවන් තොටුපළවලට අමතරව වරායන් හරහා සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි,” එම නිවේදනයේ සඳහන් වෙනවා.

එහි පළමු උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Misukoshi Hideaki විසින් බදාදා කටුනායක ගුවන් තොටුපළේදී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාර දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළෙ හි ඒකක 150 කින් යුත් ස්මාර්ට් වැසිකිළි පද්ධතියක් ද ඉදි කෙරෙන බව සඳහන් වෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!