තමන්ව අත් හැර ගිය අයට පෙරළා ක්‍රෝධ කරන්න හොඳ නෑ.. – හොඳම නිළිය උමාලි කියයි

ඊයේ (25) රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනාය.

මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් පැවති අතර මයික්‍රෆෝනය සමග එතැනට පැමිණියේ රවීන් කණිෂ්කයි. මෙදින නිවේදකයෙකු ලෙස සාරංග හා රවීන් මාරුවෙන් මාරුවට සිටි අතර සාරංග එම අවස්ථාවේ සිටියේ නැත.

රවීන් උමාලිගෙන් ඇසූ මුල් පැනය සම සම්මාන ලැබීම ගැනයි. එයට පිළිතුරු ලෙස උමාලි, සම්මාන සදහා නිර්දේශවූ සියලු අය දක්ෂයින් බවත් ඒනිසා සම්මාන බෙදීයාම ගැටලුකාරී යයි කල්පණා නොකරන බවත් කියා සිටියාය.

කතාව අවසන් කර ඔවුන්ට අත්පොළසන් පිරිනමා වේදිකාවෙන් පිටව යන්නට අවස්ථාව සැලසූ නමුත් ඒ වෙලාවෙ උමාලි රවින්ට යමක් දන්වමින් ටික වේලාවක් ඉල්ලාගෙන තවත් යමක් පැවසිය යුතු යයි කියමින් කතාවක් කළාය.

එම අවස්ථාවේ වීඩියෝ කොටස පහතින්..

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...