25 හැවිරිදි ඉන්දීය නිළියක් දිවි නසාගනී

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ (Akanksha Dubey) ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

මියයන විට ඇය 25 හැවිරිදි වියේ පසු විය. ඇය බෝජ්පූරි සිනමා කේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පනියකි.

17 හැවිරිදි වියේ සිට රංගන කේෂ්ත්‍රයට දායක වී ඇති ආකන්සාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇය අවසන් වරට ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් යොමු කර තිබුණි.

පසුගිය ආදරවන්තයින්ගේ දිනයේ දී ඉන්දීය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වන සමර් සිං සිය පෙම්වතා බවට ආකන්සා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

Latest News

More like this

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...