ෂාරුක්ගෙ දුවයි අමිතාබ්ගෙ මුණුපුරයි ඉන්දියාවම කතාවෙන ආදර කතාව

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුණුපුරා අගස්ත්‍යා නන්දා පෙම්වතුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

2023 වසරේ Netflix ඔස්සෙ විකාශය වූ Zoya Akhtar ගේ The Archies චිත්‍රපටය ඔවුන් දෙදෙනාගේම පළමු චිත්‍රපටයයි..

තිරයේත්, තිරය පිටුපසත් ඔවුන් දෙදෙනා අපූරු සුසංයෝගයක් බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

ඔවුන් පෙම් සබඳතාවක් පවත්වන බවට කලක සිට කතා බහට ලක් වූ නමුත් කිසිවෙක් එය තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර තිබුණේ නැහැ.

කොහොම නමුත්සුහානා සහ අගස්ත්‍යා දැන් දැන් වැඩියෙන් ප්‍රසිද්ධියේ එකට හමුවන බවත් මෑතකදී මුම්බායි නුවර රාත්‍රියෙ ඔවුන් එකට දැකගත හැකි වූ බවත් බවත් මාධ්‍ය වාර්තා පවසනවා.

වෛරල් වන වීඩියෝවක, සුහානා ඇගේ මුහුණ සඟවාගෙන ඉක්මනින් වේගයෙන් යම් තැනකට ඇතුළු වන ආකාරයත් අගස්ත්‍යා ඇය පිටුපසින් ඇවිද යන ආකාරයත් සටහන් වී තිබුණා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...