අළුත්ම සෙල්ලම ලංකීකයන්ගේ සංවේදීකම විකුණන් කෑම..

0

ලංකීක ජනතාවගේ සංවේදීකම නොයෙකුත් ආකාරයෙන් තම දේශපාලන කටයුතු සඳහා යොදාගත් ආකාරය මෑත ඉතිහාසයේ දක්නට ලැබුණි.

මේවන විට එය සමාජ මාධ්‍යවේදීන් අතර ද දක්නට ලැබේන සිද්ධියක් බවට පත්ව ඇත.

දහසකුත් ප‍්‍රශ්නවලට මුහුණදී සිටින අහිංසකයන් පෙන්වා තමන්ගේ චැනල්වල විව්ස් වැඩිකර මුදල් ඉපයිම සහ එම අහිංසකයන්ට දෙන බව පවසමින් තමන් මුදල් පරිහරනය කිරිම පිළිබද මේවන විට සංවාදයක් ගොඩ නැගි ඇත.

මේවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මනේජ් – උශාන් කතා බහ ගැන මේ වෙද්දී හැමෝම දන්නවා ඇති නේ.

ඇත්තයි බොරුවයි අතර තියන සම්බන්ධය මොකක් වුණත්. ඇත්තකට හිතේ සැනසීම සතුට ඉතුරු වුණත් බොරුවකට තියන ආයුෂ හරිම අඩුයි. කෙනෙක් තමන් කරන ඕනම දෙයක් විනිවිදභාවයකින් කරනවා නම් ඇත්තටම ඒ නිසා ඇති වෙන්න තියන ප්‍රශ්නත් අඩුවෙන්න පුලුවන්.

මනේජ් සංජය ගැන කවුරු කොහොම කතා කරත් ඔහු කරපු කියපු හැම දෙයක් ගැනම එකින් එක පැහැදිලි කරලා මෙන්න මේ විදිහට සටහනක් එකතු කරලා තිබ්බා..

අසරණ මිනිස්සුන්ට උදව් කරන් මුවාවෙන් විවිධ ක්‍රමවලට ඒ සල්ලි හරි වෙනයම් ආධරයක් හරි තමන්ගේ කියලා පරිභෝජනයට ගන්නවා නම් ඒක එච්චර හොඳ නෑ නේද….

තමන් කරපු වැරැද්දක් තියනවානම් ඒවා පිළිගන්නත්.. එහෙම නැත්තන් ඒවා ඔප්පු කරන්නත් ඕනම කෙනෙක්ට හැකියාවක් තියෙන්නටම ඕන.. මේ මනේජ් ඔහුගේ ෆේස් බුක් ගිණුමට එක්කරලා තිබ්බ සටහනක්..

මාසෙකට කලින් ඔලුවේ තියන සෙන්ටිමීටර් අටක ගෙඩියක් නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න ඉඳපු අවුරුදු 16 ක දරුවෙක් මම වීඩියෝ එක පළ කරලා , ඒ දරුවගේ අම්මගේ ගිණුම් අංක සහ බැංකු විස්තර හරියටම යොදලා දුන්නා.

ඊට පස්සේ මම හිටියේ ප්‍රසංග වේදිකාවල් උඩ. මට මේ ගැන හොයන්න උනේම නෑ.

සති තුනකට පස්සේ ඒ අම්මගෙන් කෝල් එකක් එනවා ” මගෙ පුතාගේ ඔපරේශන් එකට අවශ්‍ය සියලු මුදල් වීඩියෝ එක නිසා හම්බුනා. සල්ලි දාපු හැමෝටම පිං කියන්න ” ඒ අම්මා අඬ අඬ කිව්වේ එහෙම.
සැත්කම කලා. දරුවා ජීවත් වෙනවා.ඒ ඔයාලා දාපු හැම සතයක්ම නිවැරදිව නිරවුල්ව ඒ දරුවට ලැබුන නිසා.

ලක්ෂ 35 ක් මාව විශ්වාස කරලා සති තුනෙන්.
ඊයේ පෙරේදා මම කෑගැහුවා , පෙනී හිටියා උදව් කරන මුවාවෙන් සල්ලි ගරන හොරුන්ට විරුද්දව.
මට කොන්දක් තියෙනවා මිලියන ගන හොරාකන උන්ට එරෙහි වෙන්න.

දැන් ඔය ජීවත් වෙන දරුවා වෙනුවෙන් දාපු වීඩියෝ එකේ මම මගේ ගිණුම් අංක මගේ නම්බර් දාගත්තා නම් ඒ ලක්ෂ 35 වැටෙන්නේ මට නේද? එහෙම නම් ඒකෙන් පොඩි ගානක් දීලා ලොකු ගානක් මට ගන්න තිබුනා නේද??

ඔන්න ඕක තමයි අද සිද්දවෙන මිලියන් ගනන් වන්චාව.
ඕකට එරෙහිව මම කතා කලේ.

ඉතින් කියන්න සතුටුයි ලංකාව මේ තැන ඉන්න හේතුව හිතාගන්න පුළුවන්
හොරු පෙන්නලා දීපු මට බනිනවා කොල්ලෙකුට උඩ එන්න දෙන්නේ නෑ කුහකයි කියලා
හොරාට හොරා නොකියා මොකා කියන්නද බං??

දැන් මේ වෙද්දි උඹලා ගිහින් බලපන් හොරු ඔක්කොම උන්ගේ පේජ් වල දාපු උන්ගේ පෝන් නම්බර් , උන්ගේ එකවුන්ට් නම්බර් අයින් කරලා. Edit history බැලුවා නම් සම්පූර්ණ මම කියන්නේ ඇත්ත බව හිතාගනිල්ලා.ඇයි ඉතින් එහෙම බය උනේ?

උන් හොරා කන බව උන් දන්නවා. ඒ නිසයි.
මට මේ දේවල් උඹලා වගෙම බලලා අහක බලන් ඉන්න තිබුනා.
තවත් නම් ආයේ මම ඕවට ඇත්තටම එරෙහි වෙන්නේ නෑ.
රට කාපු දේශපාලුවන්ට අහු උනා වගේ මේ මිනිස්සු කොච්චර මෝඩද තාමත් කියලා හිතුනා.
ඉතින් ගොඩක් ස්තුතියි .

පාරේ ඉන්න ජොබ් එකක් කරන මනුස්සයෙක්ට රුපියල් පන්දාහක් දීලා දහදාහක් දීලා වීඩියෝ කරලා දැම්මේ නෑ උන්ට උන්ගේ දරුවන්ට ආත්ම ගරුත්වයක් තියන නිසා.
ඉල්ලන ඉල්ලන හැමෝටම දෙන්න මට සල්ලි නෑ.

එහෙම සල්ලි ඉල්ලපු අයට මම කිව්වා මම සල්ලිකාරයෙක් නෙමෙයි මගෙ මහන්සියෙන් උපයන සල්ලි වලින් මගෙ අම්මට වයිෆ්ට මගෙ දරුවට හරි ආඩම්බරෙන් සලකන එකෙක් මම.
මොකද ඒ පිරිසිදු රුපියල් මගෙම ඒවා.

ඉතින් මට ඉල්ලන ඉල්ලන හැමෝටම දෙන්න සල්ලි නෑ.
හැබැයි මගේ ජනප්‍රියත්වය මගේ බලය මම පාවිච්චි කලා social media හරහා ජීවිත බේරගන්න.
මේ වෙද්දි..

  1. කර්ණ ශංඛ සැත්කමට මුදල් අවැසි උන ( ලක්ෂ 72 ) ක් නුවර දරුවා සැත්කමත් කරලා දැන් සනීපෙන්
  2. ඇඹිලිපිටියේ මේ දරුවා දැන් ජීවත් වෙනවා. මැයි මාසේ ඔහු දැඩි ජීවිත අවදානමක හිටියේ. (ලක්ෂ 35 ක් )
  3. තල්ල විකෘති උන දරුවගේ සැත්කම මේ මාසේ 15 කලා. එයා දැන් හොඳින්.
  4. හදවතේ සිඳුරක් තිබුන කෝච්චියේ සින්දු කියපු තාත්තට අවශ්‍ය මුදල එක රැයින් ඔයාලා දුන්නා. මේ මාසේ ඒ දරුවගේ සැත්කමත් සිද්ද වෙනවා.
  5. ගාල්ලේ කොන්දෙන් පහළ පණ නැති දරුවා අද සතුටින් ජීවත් වෙනවා. ඔයාලගේ උදව් කෙලින්ම එයාලට ලැබුන නිසා.
  6. කර්ණ ශංඛ සැත්කමකට මුදල් ඉල්ලපු නුවරම දරුවෙක්ට ලක්ෂ 40 කට ආසන්න වැටුනා කියලා කිව්වා
  7. දැන් බලංගොඩ අක්මා බද්දයට කෝටියයි ලක්ෂ පහක් අවැසි උන දරුවගේ තාත්තා කතා කලා. දැන් ඒ මුදල ආසන්නයේම ඉන්නේ. එහෙම උනොත් තව ජීවිතයකට අපි පණ දීලා.

තව ගොඩක් අපි කලා. ඒ හැම එකම ටයිප් කරන්න බෑ. පේජ් එකේ පහළට ගියාම ඒ හැමදේ නිරවුල් සහ නිවැරදි බව වැටහේවි.
මේ දේවල් මම කරන්නේ මගෙ හිතේ සතුට වෙනුවෙන්.
වේදිකාව උඩ දවසකට මම ඉන්න ප්‍රසංග ගනන ඔයාලට පේනවා.
නිදාගන්න වෙලාවක් වත් නැතිව වෙලාව හදන් ගිහින් මිනිස්සු වෙනුවෙන් මෙහෙම කලේ ජනප්‍රිය වෙන්න වත් චන්දේ ඉල්ලන්නවත් නෙමෙයි
මට හෙට ශෝ තිබුනත් නැතත් හෙටත් හරි අභිමානයෙන් මගේ දහඩිය මහන්සියෙන් මගෙ දරුවට කන්න දෙනවා.
ඒකට කොන්දක් මට තියනවා.
මම එරෙහි උනේ මිනිස්සු අමු අමුවේ විකුණගෙන කන උන්ට.
මට බනින උන්ට මේ ටික කියන්නම්.
හෙට දවසෙදි උඹගේ මල්ලි , අයියා , පුතා අඩෝ මේක මරු රස්සාව හොඳට හොයන්න පුළුවන් කියලා හිතලා කැමරාවත් අරන් මුන් යන මේ වැරදි පාරට වැටිලා විනාශ උනාට පස්සේ උඹලට තේරෙයි මම කතා කලේ සමාජ පිළිලයක් ගැන බව.
තවත් උඹලා වෙනුවෙන් කිසිම මොහොතක පෙනී ඉන්නේ නෑ
තව තවත් හොරුන්ට සල්ලි දාපල්ලා ????
පන්දාහක් දහදාහක් දීලා විශ්වාසය ගන්න , වීව්ස් ගන්න තව වීඩියෝ එකක් දෙකක් දැම්මම ඒකටත් අනේ පිං , අනේ සාදු කියපල්ලා ????
අමු අමුවේ අභිමානයෙන් කුලී වැඩක් හරි කරන අසරණ මිනිස්සුන්ගේ මූණු , උන්ගේ දරුවන්ගේ මූණු පෙන්නලා සල්ලි කීයක් හරි විසි කලාම , උන්ට වෙන හානිය බලන්න එපා.
හොඳ වීඩියෝ එකක් නේ.
සාදු කියපල්ලා ????
ස්තූතියි මට දීපු ගෞරවයට
සින්දුවක් කියන් පාඩුවේ ඉන්නවා
උඹලට ජය