අවසර නැතිව ඩ්‍රෝනාවලට මැයි දිනය තහනම් – රට පුරා ආරක්ෂාව තර කෙරේ

මෙවර මැයි දින රැළි ආවරණය කිරීම සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

මැයි රැළි ආවරණය සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට අවශ්‍ය නම් පූර්ව අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතු බවයි ඔහු පවසන්නේ.

එම නීතිය දිවයින පුරා සියලු මැයි රැළි සඳහා අදාළ වන බව පැවසෙනවා.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් හෙට (මැයි 01) පැවැත්වෙන පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9,000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව ද කැදවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවත් ඒ සදහා බස් රථ පමණක් 6,800ක් පමණ කොළඹට පැමිණීමට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා.

කොළඹට පැමිණෙන මෙම වාහන හැසිරවීමට රථවාහන නිලධාරීන් 1200 ක් පමණ යෙදවීමට නියමිතයි.

Latest News

More like this

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...

ශ්‍රී ලාංකික පොඩ්ඩෙක් ඕස්ට්‍රේලියාවේ සිදු කරන පෙරළිය

ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික...