‘ඇයි සද්දයක් නැත්තෙ’ තමන්ට සද්දෙන් හිනාවුණ සමාජයට ශලනිගෙන් ප්‍රශ්ණයක්

මතක ද ශලනි තාරකා කියන නිළියක් ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලින් ඕස්ට්‍රේලියාවට ටුවර් ගිහින් කියලා අපි වටකරන් සද්දෙට කෑහැහුව. හිනා වුණා. ෂුගර් ඩැඩී කෙනෙක් අල්ලගෙන හයියෙන් තැන් තැන්වල හිනා වුණා. සද්දෙට කතා වුණා.

කුරුනෑගල කුඹුක් ගැටේ පැත්තෙ බස් එකක පාසල් දැරිවියක් අසහනකාරයො තුන් දෙනෙක් අතින් දූෂණය වෙලා. ඇත්ත ද අනේ? කිසි සද්දයක් නෑ. එහෙම සද්ද කරන්න මේ ඉන්දියාව නෙවෙයි නේ. ඉන්දියාවේ නම් මේ වගේ සිද්ධියක දී මුළු රටම එකා වගේ නැගිටලා අපරාධකාරයන්ට එල්ලුම් ගහත් පෙන්නලා තමයි නිහඬ වෙන්නේ.

කරුනෑගල සිදුවීම ගැන හුඟක් අය ඇස් කන් පියාගෙන ඉන්න වෙලාවක මිලියන ගාණක් ෆලෝවර්ස්ලා ඉන්න සමාජ මාධ්‍යවල ඒ වෙනුවෙන් හඬ නඟන්න ඉදිරිපත් වුණු සීමිත පිරිස අතරෙ ශලනිත් ඉන්නව.

‘ඇයි සද්දයක් නැත්තේ’ ඒ සිදුවීම ගැන ශලනි එහෙම ප්‍රශ්ණ කරනකොට ලාවට වගේ ලැජ්ජාවකුත් ඇති වුණා. ශලනි එයාගෙ ප්‍රශ්ණෙ අහන්නෙ යම් යම් දේවල් අල්ලගෙන එයාට සද්දෙන් හිනා වුණු සමාජයෙන්. ඇයි දැන් උඹලා සද්දයක් නැත්තේ?

ඇත්තටම අපහාස කරන්න හිනා වෙන්න විතරක් ලොකුවට සද්ද දාන හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරපු ප්‍රශ්ණයක් ඒක.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...