ඉබ්‍රාහිම් ගැන අගරදගුරුවරයා ජාතික ජනබලවේගයෙන් ඇහුවෙ නැත්තෙ ඇයි?

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විත්තකරුවකු ලෙස සැලකෙන මොහොමඩ් ඉබ්‍රාහිම් නැමත්තා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති දේශපාල ගණුදෙනුව සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධතාවක් නොමැති බවට අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන්ට හොඳ අවබෝධයක් තිබුණු බව ඊයේ (18) පැවති හමුවේ දී පෙනී ගිය බව ජාතික ජන බලවේගය සඳහන් කළා.

ඒ ඉබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ කොහොමදැයි අගරදගුරුවරයා විමසා සිටියේ නැද්ද කියා මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

එම ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ..

“අගරදගුරුවරයා ඒ ප්‍රශ්ණෙ ඇහුවෙ නෑ. මං හිතන්නෙ ඔබ වුණත් අහන එකක් නෑ අගරදගුරුවරයාට තිබුණ දැනුම ඔබට තිබුණ නම්. 2015 දීතමයි ඉබ්‍රාහිම් කියන කෙනා ජවිපෙ ජාතික ලයිස්තුවට දාන්නෙ. ඒකත් පළාත් මැතිවරණයක දී. ඒ කාලේ ජවිපෙ දරපු මතයක් පක්ෂයේ සාමාජිකයන් නොවන අය ගන්න. ඒ වෙනකොට ඉබ්‍රාහිම් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පවා සම්මාන ලබා ගත්තු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.

2015 දී ජනතා විමුක්ති පෙරමුණ දන්නෙ නෑනෙ 2019 දී ඔහුගේ පුතාල දෙන්නෙක් බෝම්බ පුපුරගනී කියලා. දෙවියන් වහන්සේට වුණත් පුළුවන් ද කියන්න මං දන්නෙ නෑ. ඔය තර්ක ගොඩනඟන්නේ බංකොලොත් වෙච්ච දේශපාලන ව්‍යාපාර.” යනුවෙනි.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...