ඉහළම තැනකින් ආ නියෝගයක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරගය පාවා දීලා

ඉහළම තැනකින් ආ නියෝගයක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරගය පාවා දීලා

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමිවූ ඉන්දියාව සමඟ තරගය පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉහළම තැනකින් බලපෑම් සහ තර්ජන එල්ල වී ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම අන්ත පරාජය අත්වන්න්නේ ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බවයි උන්වහන්සේ පවසා ඇත්තේ.

තරග පාවා දීම වෙනුවෙන් ඉන්දියාවෙන් ඩොලර්, වාහන ඇතුළු දේ ලැබීමි ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

‘විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපිට දැනුම් දීලා තියෙනවා හාමුදුරුවනේ අපිට පරදින්න කියලා තියෙන්නේ ඉතිං ඒක පැහැදිලියිනෙ. ඉන්දියාවේ මුදල් ඇමති ඇවිල්ල යනකොට ක්‍රිකට් පරාද වෙනවා.මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ජීවිත අනතුරේ තියෙනවා මේ විදියට කරපල්ලා කියලා ක්‍රිකට් බෝඩ් එක පාලන තන්ත්‍රය ඔවුන්ට තර්ජනය කරලා. බස් දෙනව, ලොරි දෙනව, කාර් දෙනවා.. ඩොලර් දෙනවා ඕන ගොඩක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා පාවා දීලා’

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...