උතුරු කොරියාවේ පාලක පවුලේ බොරු ඇත්ත කළ මිනිසා මියයයි.

උතුරු කොරියාවේ හිටපු ප්‍රචාරක ප්‍රධානියා ලෙස සැලකෙන කිම් කී නාම් (Kim Ki Nam) වයස අවුරුදු 94 දී මිය ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු 2022 සිට අසනීප තත්ත්වයේ පසු වූ අතර මහලු බව සහ “බහු අවයව ක්‍රියා විරහිත වීම” හේතුවෙන් මිය ගිය බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඔහු පාලක කිම් රාජවංශය වටා පෞරුෂ සංස්කෘතියක් ගොඩනැගීම ඇතුළුව, ඒකාධිපති රාජ්‍යය වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ ප්‍රමුඛ ප්‍රචාරණයක් ලබා දීමට උත්සහ කළ අයෙකු ලෙස ප්‍රකටයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බදාදා අලුයම ඔහුගේ අවමංගල්‍යයට සහභාගී වූ අතර පාලන තන්ත්‍රයට අසීමිත ලෙස පක්ෂපාතීව සිටි ප්‍රවීණ විප්ලවවාදියාට උපහාර පුද කළ බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දකුණු කොරියාවේ Yonhap ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ “බොරුවක් බොහෝ විට නැවත නැවත කරන්න, එය සත්‍යය බවට පත් වේ” යන මන්ත්‍රය සඳහා පුළුල් ලෙස ප්‍රසිද්ධ නාසි ජර්මනියේ ප්‍රචාරක නායකයා වූ ජෝසප් ගොබෙල්ස්ට ඔහු සමාන වන බවයි.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...