ක‍්‍රිකට් ආයතනය වටලා විරෝධතා.. කැරලි මර්දන ඒකකය කැඳවයි

වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් අද (04) උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට එක් වී සත්‍යග්‍රහයක නිරත වූ අතර පසුව එම ස්ථානයට කැරලි මර්දන ඒකකය කැඳවනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතු බවට පාර්ශව ගණනාවකින් ඉල්ලීම් මතුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වශයෙන් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා සිය අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට භාර දී ඇති බව වාර්තා වෙනවා.

වත්මන් ක්‍රිකට් පරිපාලකයන් සහ තේරීම් කමිටුව වහාම සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (03) පවසා තිබුණා.

අද උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධතාවයක් ආරම්භ කරනු ලැබූවේ මේ අතරයි.

අනතුරු ව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ ආරක්ෂා සඳහා ශ්‍රී ලංකා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවනු ලැබුවේ ඉන් පසුවයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...