කාන්තාව නිරුවත් කර පහරදුන් කාගිල්ස් චණ්ඩි අත්අඩංගුවට..

පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල කාගිල්ස් සුපිරි වෙළඳසැලක කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සුපිරි වෙළඳසැලේ කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් කාන්තා පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමෙන් පසු පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා.

මෙම සිද්ධිය හංවැල්ල ප්‍රදේශයේදී සිදුව ඇති බවටයි මුලදී වාර්තා වුණේ. කෙසේ වෙතත් පසුව අනාවරණ වූයේ මෙම සිද්ධිය බොරැල්ලේ අලෙවිසැලක සිදුව ඇති බවයි.

සැකකටයුතු සොරකමකට ප්‍රතිචාර වශයෙන්, අලෙවිසැලේ සිටි පිරිමි සහ කාන්තා සේවකයින් කිහිප දෙනෙකු පාරිභෝගිකයාට අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබුණා.

මෙම සිදුවීම සැප්තැම්බර් 18 වැනි දින සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වන තුරු කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොතිබුණු බව සඳහන් වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මීට පෙර සුපිරි වෙළඳසැලේ කළමනාකාරීත්වය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වගකිව යුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

පෙර පුවත්..

කාගිල්ස් ෆුඩ් සිටි එකක් තුළ කාන්තාවකට මිලේච්ඡ පහර දීමක්..

Latest News

More like this

වසර හතරකදී කෝටි හයක් ගිණුම් තුනකට… යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

සිය වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් කෝටි හයකට ආසන්න...

ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා...

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...
error: Content is protected !!