කැඩෙනවාට ගම් යෙදූ බිත්තර කුරුණෑගලින්

බිත්තර කැඩීයාම වැළැක්වීම සඳහා යම් ගම් වර්ගයක් යොදන ලද බවට සැක කෙරෙන අවස්ථාවක් කෑගල්ලෙන් වාර්තා වී තිබෙනවා.

සමගි ජන බලවේගයේ දැරණියගල සංවිධායක රංජිත් පොල්ගම්පොල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළා.

“මිලිමීටර් තුනක් පමණ පළල දළ රේඛාවක් බිත්තරයේ මතුපිට දක්නට ලැබුණා. මෙම රේඛාව රළු වූ අතර මතුපිට ඉතිරි කොටස සුපුරුදු පරිදි සුමට වුණා”යයි එහිදී සඳහන් වුණා.

“මම ඉරිදා කෑගල්ලේ සිල්ලර කඩයකින් බිත්තර දහයක් මිල දී ගත් අතර එක් බිත්තරයක් අසාමාන්‍ය බව පෙනුණා. එහි රළු සහ මැලියම් වැනි රේඛාවක් දකින්න ලැබුණා. බිත්තරයේ ඉරිතැලීම් සැඟවීමට මැලියම් භාවිතා කර ඇති බවට සැකයක් ඇතිවුණා. මෙම විශේෂිත බිත්තරය අනෙක් ඒවාට වඩා බරයි. මේ ගැන පරීක්‍ෂණයක් කරන්න කියලා මම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු පැවසුවා.

සත්‍ය අසත්‍ය බව නිශ්චය කිරීම සඳහා එම බිත්තරය පාරිභෝගික අධිකාරියට භාරදීමට නියමිත බව ද මෙහිදී සඳහන් වුණා.

පතිරණ මන්ත්‍රීවරයා කියා සිටියේ සත්‍ය නිර්ණය කිරීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...