කොලොන්නාවේ සුමංගල නාහිමියන්ගේන් විවාහ උත්සව ශාලාවක් නොමිලේ.. ආහාර පානත් නොමිලේ…

විවාහ මංගල උත්සව සඳහා නොමිලේ ලබාදීම සඳහා විවාහ මංගල උත්සව ශාලාවක් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයේ ඉදි කර තිබේ.

කොලොන්නාවේ සුමංගල නාහිමියන් සඳහන් කරන්නේ විවාහ උත්සව සිදු කරන පෝරුවේ චාරිත්‍ර සෙත් පිරිත් සජ්ඣායනා හා අනෙකුත් සිරිත් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් එම ශාලාව සමන්විත වන බවයි.

ආර්ථික ශක්තියක් නොමැති කම නිසා විවාහ උත්සව කල් දමා සිටින තරුණ තරුණියන්ට එම ශාලාව නොමිලේ ලබාදෙන බවද පැවසූ උන්වහන්සේ එහි ආසන 200 කින් සමන්විත බව ද සඳහන් කළහ.

උත්සව ශාලාව නොමිලේ ලබාගෙන අමුත්තන් සඳහා ආහාර ලබා දීමට අපහසු නම් එම ආහාර පාන ද නොමිලේ ලබාදීමට තමන් වහන්සේ කටයුතු කරන බවත් සුමංගල හිමියෝ කියා සිටියහ.

විවාහ මංගල උත්සව සිදු කිරීමට අවශ්‍ය මුදල් ආධාර ලබාදීමට විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටින බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මෙම ශාලාව තුළ සරල සංගීතය භාවිත කිරීමට අවසර තිබෙන නමුත් මත් වතුර පානය සපුරා තහනම් බව ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

වැඩ නිමකොට මෙම උත්සව ශාලාව මාර්තු 20වනදා විවෘත කරන බවත්, අප්‍රේල් 01 දින සිට විවාහ සඳහා වෙන්කරගත හැකි බවත් සුමංගල හිමියෝ කියා සිටියහ.

වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න.. (Sri Devram Maha Viharaya Contact number : 0114306074)

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...