ජපන්නු අත් අරින ගෙවල් ඇදහිය නොහැකි අඩු මිලට විදේශිකයන්ට

ජපානයේ සෑම නිවාස හතකට එකක් හිස්ව පවතින අතර විදේශිකයන් විසින් එම නිවාස අඩු මිලට මිලදී ගැනීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එම පැරණි සහ අතහැර දැමූ නිවාස හෝටල් පිහිටුවීමට හෝ කුලියට දීම සඳහා ඇදහිය නොහැකි තරම් අඩු මිලකට විදේශිකයන්ට ලබා දෙන බව වාර්තා පවසයි.

ජපානයේ අඩුවන ජනගහණයට සාපේක්ෂව, “අකියා” ලෙස හැඳින්වෙන අතහැර දැමූ නිවාස සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවතින අතර, ඉහළ මිල ගණන් සහ දැවැන්ත උද්ධමනය හේතුවෙන් ජපානයේ සංස්කෘතිය අගය කරන විදේශීය ගැනුම්කරුවන්ට ඉහළ ආකර්ශනයක් පවතී.

“යෙන්” මුදලේ වටිනාකම අඩු වීම ද විදේශීය ගැණුම්කරුවන්ට ඇති ඉහළ ඉල්ලුමට හේතුවී තිබේ.

නිරීක්ෂකයින්ට අනුව, මිනිසුන් අඩු මිලට ජපානයේ ග්‍රාමීය ප්‍රදේශවල නිවාස මිලදී ගන්නේ පසුව එය Airbnbs නිවාඩු දේපල ලෙස ක්‍රියාත්මක කිරීමට පමණි.Aribnbs යනු සංචාරකයින් සඳහා කෙටිකාලීන ක්‍රමයට නවාතැන් ලබා දෙන ක්‍රමයකි.

ඒ අනුව විදේශිකයන්ට ජපානයේ සුන්දර ප්‍රදේශයක සම්ප්‍රදායික නිවසක පදිංචි වී අමුත්තන්ගෙන් ආදායමක් උපයා ගත හැකිය.

ජපානයේ ‘අකියා’ ගැටලුව අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද පරිදි, 2018 දී, ජපානයේ ආසන්න වශයෙන් පදිංචි නොවූ නිවාස මිලියන 8.49 ක් තිබූ අතර එය 1998 සිට 1.5 ගුණයක සැලකිය යුතු වැඩිවීමක් විය. එම නිවාස සියලු නිවාසවලින් සියයට 13.6 ක් පමණ වේ.

Nomura පර්යේෂණ ආයතනයේ ප්‍රක්ෂේපනවලට අනුව, 2038 වන විට පුරප්පාඩු වූ නිවාස සංඛ්‍යාව මිලියන 23.03 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය සියලු නිවාසවලින් සියයට 31.5ක් නියෝජනය කරයි.

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...