ටෙලිකොම් තෙවන පාර්ශවයකට විකිණීමට තහංචියක් !

ශ්‍රී ලංකා ටෙලිකොම් රජය සතු 49.5% කොටස් විකුණන්නේ නම් පළමුව 44.98% ක් කොටස් හිමි මැලේසියාවේ මැක්සීස් (Global Telecommunications Holdings N.V.) වෙත විකිණිමට යෝජනා කළ යුතුවේ.

ටෙලිකොම් පෞද්ගලීකරණ ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය සතු කොටස් තෙවන පාර්ශවයකට විකිණීමට තහංචි පනවා ඇත.

එමනිසා මැලේසියානු සමාගම විසින් ඉතිරි කොටස් මිලදී ගැනීම ප්‍රතික්ශේප කලහොත් පමනක් රජයට තෙවැනි පාර්ශවයකට තමාසතු 49..5 % ක කොටස් විකිණිය හැකිවේ.

දැනටමත් ඩයලොග් ආයතනයේ 82.74% කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මැලේසියාවේ ඩයලොග් ආසියාටා සතුවන අතර ටෙලිකොම් ආයතනයත් මැලේසියාව සතුවූ විට ශ්‍රී ලංකාවේ සමස්ථ විදුලි සන්දේශ අයිතිකරු මැලේසියාව වනු ඇත. දකුණු ඉන්දියනු, පෘතුග්‍රීසි, ලංදේසි සහ ඉංග්‍රීසි යටත් කර ගැනීම් වලට සාපේක්ෂව මෙය උපායශීලි අත්පත් කරගැනීමකි.

ගිවිසුම කඩකර ලයිකා මොබයිල්, රිලයන්ස්, අම්බානි වැනි තෙවැනි ගැනුම්කරුවෙකට රජය සතු කොටස් පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තිරය පිටුපස සිටින ගෝල බාලයන් උත්සාහය දරමින් සිටී.

ඔහුන් තම අරමුණ ජයගත්තද අනාගතයේ දිනක ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ GTLH (මැක්සීස්) වෙත අති විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවනු ඇත. එය සමහර විට රජය සතු කොටස් විකුණා ලබාගන්නා මුදලටත් වඩා වැඩිවනු ඇත.

අතට ලැබෙන ඩොලර් ගැන පමනක් හිතන ජාතියකට, ලෝකයේ සියළුම රටවල් හා දැනට සම්බන්ධවී තිබෙන ටෙලිකොම් සතු සබ්මැරීන් ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතියද මේ අනුව අහිමි වනු ඇත.

– ලාලිත හේවාගමගේ / සමාජ මාධ්‍ය ක්‍රියාකාරි

Latest News

More like this

අගමැති හරිනි ඉලක්ක කර අපහාස උපහාස එපා.. රජය සාමුහිකව ඇය පිටුපසින් හිටගන්නා බව විජිත කියයි

විවිධ පාර්ශවයන් විසින් මේ වන විට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

කුමන්ත්‍රණයක් ගැන අපට සැකයක් තියෙනවා.. ප්‍රශ්නගත මොඩියුලය අපි සීල් කළා… අගමැති හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය...

වෙනිසියුලාවට එරෙහි අමෙරිකාවේ හමුදා ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකී

අමෙරිකා එක්සත් ජනපදය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී...

හඬ නැගීම වෙනුවට නිහඬ වීම හා කෙඳිරි ගෑම තෝරාගත් නිලන්ති කොට්ටහච්චි

නිලන්ති කොට්ටහච්චි යනු ජාතික ජන බලවේගය ආණ්ඩුව නැගී ආ...