නෝණ්ඩි වෙන්නෙත් නැතුව හොඳම යාලුවට ඡන්දෙ දෙන්න කියලා කොහොමද කියන්නෙ – පේෂලගෙන් ඉගෙන ගන්න

තමා කිසිවිටක සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන ලෙස කිසිවකුටත් පවසා නැති අතර සජිත් ප්‍රේමදාස හොඳ බව පැවසීම තමාගේ පෞද්ගලික මතය බව කලා ශිල්පී පේෂල මනෝජ් පවසනවා.

විපක්ෂ නායක සජිත් තමා සමඟ නිතර කතා කරන බවත් ඔහුගේ අදහස් තමාටත් තමාගේ අදහස් ඔහුටත් කියන බව ඔහු පවසා තිබෙනවා

ඔහු යූ ටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාක් අතරතුර සඳහන් කර තිබෙන්නේ එසේ නමුත් ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් පෞද්ගලික කිසි තනතුරක් හෝ වරප්‍රසාදයක් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

“ඇත්තම කිව්වොත් මං සජිත් ප්‍රේමදාසව ආශ්‍රය කරන්නෙ යාලුවෙක් විදියට. නිතර ගිහින් එකත්පස්ව හිටගෙන මහින්ද මහත්‍තයා ගාණ වගේ තැනක නෑ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. උදාහරණයක් විදියට මේ ඉන්ටර්වීව් එකට එන්න කලින් අපේ සමිතා අක්කගෙ තාත්‍තා නැති වෙලා කියල මැසේජ් එකක් යැව්ව. ආ දන්නව දන්නව කිව්ව. මං කිව්ව පුළුවන් නම් ගිහින් බලන්න කියලා.ආ නම්බර් එක එවන්න කිව්ව.මං යනකොටත් කෝල් කරල තිබ්බ.පස්සෙ ගිහින් බලලා තිබ්බ.අපේ සෞන්දර්ය කලා විවිශ්වවිද්‍යාලේ ලමයින්ට බස් නෑ.ලොකු ට්‍රාන්ස්පෝට් වියදමක් යනවා.මං පර්සනලි කෝල් කරල කිව්ව අපේ විශ්වවිද්‍යාලයට බස් එකක් දෙකක් දෙන්නකෝ කියලා.හා දෙන්නම්.ඒ ගොල්ලන්ට එන්න කියන්නකෝ කිව්ව.මං ඒ පාර මීටින් එක ඇරේන්ජ් කරල දුන්නා.මොකද මට පෞද්ගලිකව 174 දුවන්න නෙවෙයිනෙ ගන්නෙ.සෞන්දර්ය විශ්වවිද්‍යාලයට. ඒ වගේ ෆ්‍රෙන්ඩ්ලි එකක් තියෙන්නෙ.”

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...