ප්‍රධාන දේශපාලන පක්ෂවල නම කැත නොවුණු දේශපාලනඥයින්ට මාළිමාවේ දොර ඇරෙයි

ප්‍රධාන දේශපාලන පක්ෂවල සිටින චෝදනා එල්ල නොවුණු පිරිසිදු සාමාජිකයන් ජාතික ජන බලවේගය සමඟ එකතු කර ගැනීමට කටයුතු කරන බව එම බලවේගයේ විධායක සභික විජිත හේරත් මහතා පවසනවා.

එනමුත් එම දේශපාලන පක්ෂවල සිටින දූෂණ චෝදනාවල නම ලියැවුණු සාමාජිකයන් කිසිවිටකත් ජාතික ජන බලවේගය සමඟ එකතු කර නොගන්නා බවයි ඔහු පවසන්නේ.

“සමහර දේශපාලන පක්ෂවල සාමාජිකයො ඉන්නව ඇත්තටම එයාල ඒ පක්ෂ එක්ක එකතු වුණේ රටේ ආර්ථිකය ගොඩ නඟයි කියන චේතනාවෙන්. ඒ අය එකතු කරගන්න අපි අනිවාර්යයෙන් විවෘතයි. ඒ අය දැනටමත් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. හැබැයි ප්‍රධාන පක්ෂවල ඉන්න විවිධ චෝදනා තියෙන අපරාධ චෝදනා තියෙන, මූල්‍ය චෝදනා තියෙන, ඇමතිකම් මන්ත්‍රීකම් අයුතු ලෙස පරිහරණය කරන ඒ කිසිවෙක් අපි සම්බන්ධ කරගන්නෙ නෑ.

ඒ සහතිකය මේ රටේ ජනතාවට අපි දෙනවා. හැබැයි පක්ෂවලට සම්බන්ධ වෙලා හිටිය ක්‍රියාකාරී සාමාජිකයන් ඉන්නවා.ඒ අය අනිවාර්යයෙන් අපි එකතු කරගන්නවා.”

ඔහු මේ බව පැවසුවේ යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...