පාස්කු ප්‍රහාරය තවදුරටත් සත්‍ය සොයා ගැනීමට නොහැකි සිදු වීමක් නෙවෙයි. සත්‍ය වසන් කරන සිදුවීමක් – අලුත් පියාපත්

පාස්කු ප්‍රහාරය යනු තවදුරටත් සත්‍ය සොයාගැනීමට නොහැකි සිදුවීමක් නොව සත්‍ය සඟවන සිදු වීමක් බව පාස්කු ප්‍රහාරයට වසර 05ක් සම්පූර්ණ වුවද තවමත් ඊට යුක්තිය ඉටු නොවීමට විරෝධය පළකරමින් අලුත් පියාපත් සංවිධානය සංවිධානය කරනු ලැබූ විරෝධතාවක දී සඳහන් වුණා.

විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී යි එය සංවිධානය කර තිබුණු එම විරෝධතාවයේ දී අදහස් දැක්වූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පැවසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වන විට සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති නමුත් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

“පැහැදිලිවම පෙනී යන දෙයක් තමයි තොරතුරු තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම කියනවා ඔහු දන්නවා කියලා. ඒත් අද වෙනතුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැහැ. තොරතුරු තියෙනවා. නමුත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඒ නිසා අපි මේ අද මෙතන පවත්වන්නේ එක් සැමරුමක් නෙවෙයි. යුක්තිය ඉල්ලා කරන නිහඬ සටනක්”

පාලකයින් මර නින්දේ වින්දිතයින්ට යුක්තිය ඉටුවන නව පාලනයක් ගොඩනගමු යන්න එහි ප්‍රධාන තේමාව විණි.

පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් ඉටිපහන් දැල්වීමක්ද මෙහි දී සිදු වුණා.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...