පොතපත කියන එක අඩු වෙලා තියෙන්නෙ දේශපාලනය නිසාම නෙවෙයි. – නලින්ද සුන්දර කැදැල්ල ගැන කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශාපලනය පිළිගත් පවුලක මවක්, 1977 මැතිවරණ සමයේ සිය නිවසේ සම සමාජ පක්ෂයේ රැස්වීමක් පැවෙත්වෙද්දී රෝහල් ගත කළේ දරුවෙකු බිහි කිරීමටයි. ඒ දරුවා පසුකලෙක එම දේශපාලන මතිමතාන්තරවලට හාත්පසින්ම වෙනස් දේශපාලන ධාරාවක ඉදිරි පෙළේ සාමාජිකයෙක් වීම ඇත්‍තටම දෛවෝපගතය. උපතින් එවැනි දේශපාලන ආභාසයක් ලැබුණ ද ඔහු උපතින්ම දේශපාලනය රන් කිරි කට ගෑ දේශපාලන උරුමයක් සහිතව ඉපදුණු අයෙකු නොවීය.

“අගලවත්තෙ පිඹුර කියන රෝහලේ මම උප්පතිය ලැබුවෙ. තාත්තා අගලවත්ත විවිධ සේවා සමූපකාරයේ ප්‍රාදේශීය කළමනාකාරවරයෙක්. අම්මා විධිමත් රැකියාවක් කළේ නෑ. දේශපාලන හේතු නිසා තාත්තට රැකියාව අහිමිවුණා.

අපි ගෙවල් ලඟ පොඩි කඩයක් දාගෙන ඒ ලැබෙන ආදායමෙන් ජීවත් වුණේ. අම්මා ගෙවල් ගාව තිබුන ගාමන්ට් එකට කෑම පාර්සල් හදලා විකුණුවා. ගෙදර කාමරයක් කුලියට දීලා ඒකෙන් පොඩි ආදායමක් ගත්තා. කොහොම හරි අපි හොඳට ඉගෙන ගත්‍තා.

මමත් නංගිත් මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ. මම උසස් පෙළ විභාගය එකවර සමත් වෙලා වෛද්‍ය පීඨයට ඇතුළු වුණා. මගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළේ ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. නංගී නීති විද්‍යාලයට ඇතුළු වෙලා නීතිඥවරියක් බවට පත් වුණා”

ඔහුට අනුව දේශපාලනය යනු 8-4 රස්සාවක් නොවේ. නමුත් වෛද්‍ය වෘත්තීයටත් වඩා ඔහු අදටත් ආදරය කරන්නේ දේශපාලන වෘත්තීයටයි.

“අපේ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කළේ. ඒත් මට දැනුම් තේරුම් එන වයසට එනකොට මට ඕන වුණා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වෙන්න. අපේ ගම්වල කතා කරල පක්ෂයට සම්බන්ධ වෙන්න කෙනෙක් හිටියෙත් නෑ. නමුත් යහළුවන් හිතවතුන් අතරේ කතා බහක් ඇතිවෙලා තිබුණා. ඒවට අදාළ පොතපත කියෙව්වා. සෝවියට් පොත් හොය හොය බැලුවා.

ජනතා විමුක්‍ති පෙරමුණේ කෙනෙක් මුණ ගැහුණෙ නැති වුණාට මට විකල්ප තෝර ගැනීම් ගොඩක් තිබුණෙ නෑ. ඇත්තටම මං හිතුව රට හදන්න නම් මෙතන තමයි ප්‍රතිපත්තිය තියෙන්නෙ කියලා. රටට ආදරයක් තියෙන්නෙ මෙතන. කවදහරි රටට අනාගතයක් හදන්නෙ ජනතා විමුක්ති පෙරමුණ කියලා මං ඒ කාලෙම තීරණය කළා”

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිතර සංවාද කරනු ලබන දේශපාලනය මෙන්ම ඉන් ඔබ්බට ඔහුගේ ළමා කාලය, විශ්ව විද්‍යාල ජීවිතය, ඔහුගේ සොඳුරු කැදැල්ල, ආදරය, කලාව, සාහිත්‍යය, ඉතිහාසය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් පිළිබඳ කතා බහකට එක්ව තිබුණේ මෙසේය.

Latest News

More like this

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත මැති සභයට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත...

මක්කම වන්දනාවේ ගොස් සිදුවූ මාරක බස් අනතුරින් දිවි අහිමි වූ ඉන්දියානුවන් අතර එකම පවුලේ 18ක්…

මක්කම දේවස්ථානය වන්දනා කිරීමට ගොස් සිටියදී සෞදි අරාබියේ මෙදීනා...

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...