මාසෙකට 16,000යි. අම්මා කරන්නේ අස්වැසුමෙන් ඇඳුම් ගන්න එක. පොඩ්ඩෙක් හිරු එකේ ලෝකෙටම පේන්න රජයේ ඇඳුම් ගැලවූ හැටි

ශ්‍රී ලංකා රජය සංක්‍රමණික, අවදානම් සහගත, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩයන් හතරකට සහන ලබා දෙන බව පවසමින් ක්‍රියාවට නැංවූ “අස්වැසුම” එහි ප්‍රතිලාභ ලැබිය යුතුම අයටම හිමි වුණාද යන ප්‍රශ්ණය ඉතිරි කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු මහතා මෙහෙයවන හිරු නාළිකාවේ විකාශය වන ‘පොඩි වැඩ්ඩෝ’ නම් වැඩසටහනක් අතරතුර එයට සහභාගී වූ කුඩා දරුවෙකු කරන මෙම ප්‍රකාශය රජයේ සුභ සාධන වැඩපිළිවෙලෙහි නිරවද්‍යතාව, විනිවිද භාවය පිළිබඳ බරපතල සැක සංකා මතු කරන බව අපේ හැඟීමයි.

එම දරුවා වැඩසටහන අතරතුර පවසන ආකාරයට ඔහුගේ නිවසේ සිටින දෙදෙනෙකුට එක් අයෙකුට 8000 බැගින් 16,000 ක මුදලක් ලැබෙන අතර ඔවුනන්ට නිශ්චිත මාසික ආදායමක් ද හිමිවෙන බව පැවසෙනවා.

එමෙන්ම දරුවා පවසන්නේ එම මුදලින් ඔහුගේ මව සිදු කරන්නේ ඇඳුම් මිලදී ගැනීම බවයි.

මෙය බැලූ බැල්මට දරුවකුගෙන් කියවුණු සරල කතාවක් වුවත් ඒ තුළ කියැවෙන්නේ ප්‍රබල දේශපාලන කතාවකි.

රජය අස්වැසුම පිරිනැමීමට පෙර විශාල මුදලක් වැය කරමින් සමීක්ෂණ පවත්වා සොයා ගත්‍තා කියූ අන්ත දුප්පත් ජනතාව ද මේ?

බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කරන ලද උඹලට වැරදුනේ සුභ සාධන ව්‍යාපෘති වැඩි කමෙන් බව කියන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සමාජය වැනි රජයේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආයතන මෙම වීඩියෝව දුටුවොත් කුමක් හිතෙයිද?

Latest News

More like this

නිවාස පිරිසිදු කර ගැනීමේ රු 25,000 ක මුදල ගන්න ආණ්ඩුවේ නිලධාරීන් හතරක් සහතික කරන තෙක් ඉන්න වෙලා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට...

ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි 'මෙගා'...

තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු...

බුදුන්ගේ රස්තියාදුව කෘතියෙන් අපහාසයට එහා අපරාධයක් කරලා..

බුදු දහමට සහ ගෞතම බුදුන් වහන්සේට අපහාසවන බවට ආන්දෝලනයට...