මැලේසියාවේ දී ලාංකිකයන් තිදෙනෙක් ඝාතනය වේ. සැකකාර ලාංකිකයන් දෙදෙනෙක් ආගිය අතක් නෑ

මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින්ම එම ඝාතන සිදු කරන ලද බවට සැක කෙරෙන අතර එරට ක්වාලාලම්පූර් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය (22) රාත්‍රියේදී සෙන්තූල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් නිවසකදී මෙම ඝාතන සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම යුවළගේ 20 හැවිරිදි පුත්‍රයා සහ නිවසේ කුලී පදනම මත රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති බවයි පැවසෙන්නේ.

මීට දින 02කට පමණ පෙර තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතන සිදුකර පළාගොස් ඇති බවට මැලේසියානු පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත පොලීසිය එම නිවසට පැමිණ ඇති අතර එහිදී හිස් ආවරණය කර, අත් පා බැඳ ඝාතනය කර තිබූ පුද්ගලයින් තිදෙනාගේ මළසිරුරු සොයාගනු ලැබූ බව වාර්තා වෙනවා.

එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ ඡායාරූප ද පොලීසිය විසින් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව සඳහන්.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...