රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් පැවැත්වීමට සියල්ල සූදානම්

ජනාධිපතිවරණයක් අභියස, දූෂිත දේශපාලන ක්‍රමයක් වෙනස් කිරීමේ අභිමුව සිටින මොහොතක මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ සියලුම කොට්ඨාස සභාවල සහෝදර සහෝදරියන් වගේම විශාල ජනතාවක් මැයි දින රැලිවලට සහභාගි වීමට සූදානම් වෙමින් සිටින අතර ඒ සහභාගිත්වය එළඹෙන මැතිවරණ අවදියේදී විශාල පිම්මක්, ශක්තියක් වනු ඇතැයි ඔහු සඳහන් කළා.

“මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඉතා අභිමානවත්ව, සංවිධානාත්මකව, විනයගරුව මැයි රැලි පවත්වපු ඉතිහාසයක් තිබෙනවා. මෙවර මැයි රැලි හතරම සාර්ථක කර ගන්න, ජාතික ජන බලවේගයටත් විශාල අභියෝගයක් තිබෙනවා. මැයි පළමුවැනිදා උදෑසන යාපන නගරයේදී මැයි රැලියක් පවත්වනවා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී, කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී, මාතර වෙරළබඩ තීරයේදීත් මැයි රැලි තුනක් සවස පවත්වනවා.

තමන්ගේ කායික හෝ මානසික ශ්‍රමය විකුණා ජීවත් වෙන සියලුම දෙනාගේ දිනය මැයි පළමුවැනිදායි. ඒ ශ්‍රේෂ්ඨ දිනය අපේ අරමුණු සාර්ථක කර ගන්නා පළමු අවස්ථාවක් බවට පත්කර ගනිමු. මේ රටේ සියලුම ජනතාවට, පීඩිත කොටස්වලට, ජාතික ජන බලවේගය ලෙස අපි ආරාධනා කරන්නේ අපේ රට වෙනස් කරන දිසාවට, යහපත් දේශයක් බිහිකර ගන්න දිසාවට, පත්කර ගන්න මේ මැයි දිනය ප්‍රයෝජනයට ගනිමු.

ඔබ සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ මැයි දින රැලිවලට සහභාගි වන ලෙස ආරාධනා කරනවා”

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...