වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවකයින් අනාථ කර චීන සමාගම පලා ගිහින් – හොරෙන්ම මල්වතු ඔයේ ව්‍යාපෘතියකටත් ගිවිසුම් ගහන්න යනවලු

පොල්පිතිගම වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරන ලද චීන සමාගම කම්කරු නීති උල්ලංඝනය කරමින් ඔවුන් යටතේ සේවය කළ සේවකයන්ගේ හිඟ වැටුප් ඇතුළු දීමනා කිසිවක් නොගෙවා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා

මේ හේතුවෙන් එහි සේවය කළ සේවකයින් අන්ත අසරණ තත්ත්වයකට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

“පොල්පිතිගම වයඹ ඇළ ව්‍යාපෘතිය යටතේ අපි වැඩ කෙරුවේ ICB1 චයිනා CAMCE සමාගම යටතේ. අපි 2021 වසරේ සිට මහ කිතුළ, මහ කිරුළ හා මහ දඹේ වැව් යටතේ වැඩ කෙරුවා. නමුත් වසර දෙකක් ඉක්ම යනතුරුත් සමාගමට වැඩ කරන්න පුළුවන් වුණේ සියයට හතරක් වැනි ප්‍රමාණයක්. මේ නිසා අසාර්ථක ව්‍යාපෘතියේ ගිවිසුම අවලංගු කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගත්තා. ඔවුන්ගේ වැඩ නැවතුණා. ඔවුන් ගෙනා සියලු වාහන, යන්ත්‍ර සූත්‍ර ඇතුළු කොටස් එතැන තිබියදීම වෙන්දේසි කෙරුවා. ඒ අය වැඩකරන විට කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ හෙක්ටයාර් 300ක් විතර ශුද්ධ කෙරුවා. ඒ සීමාවේ අලි වැට හදා දෙන්නත් පොරොන්දු වුණා. නමුත් ඔවුන් අලි වැට හදන්නෙත් නැතිව යන්න ගියා. දැන් නොසිතූ ලෙසට අලි ගම් වදින්නෙත් මේ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නිසාමයි.”

ඒ අතරේ අපි කරපු සේවය වෙනුවෙන් ගත යුතු වැටුප්, අතිකාල, EPF, ETF දීමනා මැයි මස සිට ගෙවා නැහැ. ඒ සම්බන්ධව අපි කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කෙරුවා. මේ සමාගම ඒ මුදල් පසුගිය ජූලි මස ඉක්ම යෑමට පෙර ගෙවන බවට කම්කරු නිලධාරීන් හමුවේ පොරොන්දු වුණා. එහෙත් ඔවුන් කම්කරු නීතිරීතිවලට ගරු කරන්නේ නැතිව ලංකාවේ රැඳී ඉන්නවා. අපි 23 දෙනකුට ගෙවිය යුතු කිසිදු දීමනාවක් ගෙවන්නේත් නැහැ. එසේ තිබියදීත් එම අසාර්ථක ව්‍යාපෘතිය නැවත මල්වතු ඔයේ ව්‍යාපෘතියක ඉදිකිරීම් සඳහා ගිවිසුම් ගන්නත් යනවාලු. අසාර්ථක බව පේන මේ සමාගම කොහේ වැඩ කෙරුවත් අපිට කමක් නැහැ. අප රටේ කම්කරු නියෝගවලට අවනතව අපිට හිමිවිය

Latest News

More like this

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...