සමාජ මාධ්‍ය වීඩියෝවක් නිසා මතභේදයට තුඩු දුන් පළාත් අතර ගමන් කිරීමේ නීති ගැන පොලිසිය කියයි

වලංගු රියදුරු බලපත්‍රයක්, රක්ෂණයක් සහ ආදායම් බලපත්‍රයක් වැනි අවශ්‍ය ලියකියවිලි ඇත්නම් ඕනෑම කෙනෙකුට පළාත් අතර ගමන් කිරීමට හෝ රටේ ඕනෑම තැනකට යාමට බාධාවක් නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳ මාධ්‍ය විමසූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

වාහන හිමිකම මාරු නොකිරීම සහ වාහන ලියාපදිංචි සහතිකය රැගෙන නොයාම සම්බන්ධයෙන් රියදුරෙකුට දඩ නියම කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝව මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙනවා.

සබරගමුව පළාතේ ධාවනය කරන ලද නමුත් මධ්‍යම පළාතේ පුද්ගලයෙකුට ලියාපදිංචි කර ඇති බැවින් එහි අයිතිය සනාථ කරන ලියකියවිලි ලබා දෙන ලෙස රථවාහන රාජකාරියේ යෙදී සිටින කාන්තා පොලිස් නිලධාරිනියක් රියදුරෙකුගෙන් ඉල්ලා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වුණා.

එහි දී පළාත් අතර වාහනයක් පැදවීම තහනම් දැයි රියදුරු ප්‍රශ්න කරන්නේ තමන් මාර්ග නීති කඩකර නොමැති බව පවසමිනි.

වාහනයේ අයිතිය ඔහුට පවරා නොතිබීම වරදක් බව නිලධාරියා පැහැදිලි කරන අයුරු එහි දී දක්නට ලැබුණා.

කුලියට ගත් වාහනයක් පැදවිය නොහැකිදැයි රියැදුරු වැඩිදුරටත් විමසා සිටි අතර නිලධාරිනිය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමාට හැකි නමුත් වාහන ලියාපදිංචි සහතිකය ඇතුළු අවශ්‍ය සියලුම ලියකියවිලි රැගෙන යා යුතු බවයි.

වීඩියෝ පටයේ සිටින පුද්ගලයා තත්ත්වය ව්‍යාකූල කරන බව ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල, රියදුරු බලපත්‍රය සහ රක්ෂණ බලපත්‍රය වාහන හිමිකරුගේ නමට වඩා වෙනස් නම්වලින් තිබූ බැවින් හිමිකාරිත්වය පැවරීම පිළිබඳව කාන්තා නිලධාරිනිය රියදුරුගෙන් ප්‍රශ්න කළ බවයි පැහැදිලි කර සිටියේ.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!