ආණ්ඩුව ගැස්සිලා : වීසා ගාස්තු ගැන තවත් නිවේදනයක්

0

විදේශිකයකු මෙරටට පැමිණීමේ දී එක් පුද්ගලයෙකුට දින 30 ක කාලයක් අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව, රුසියාව, චීනය, තායිලන්තය, මැලේසියාව, ජපානය, ඉන්දුසීනියාව යන රටවල් හතට නොමිලේ සැපයූ වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක කිරීමටත් අද (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එසේම විදේශිකයකු මෙරටට ඇතුළු වීමේදී වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.