ඩයනාගේ පුරප්පාඩුවට මුජිබර් පාර්ලිමේන්තුවේ

0

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම සමඟ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ගේ නම යෝජනා කරන බව සමගි ජන බලවේගය පවසනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත් යොමු කෙරෙනු ඇතැයි සඳහන්.