තීරුබදු රහිත වාහන ඕන.. – මැති ඇමතිවරු කතානායකට කියයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක් කතා නායකවරයා වෙත භාර දී ඇතැයි වාර්තා වෙනවා.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් මඟින් එම ඉල්ලීම සිදු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරනවා.

මන්ත්‍රීවරුන් සඳහා වසර 10 කින් පමණ වාහන ගෙන්වීමට අවසර ලබා දී නොමැති බවත් එබැවින් එම ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම සිදු කරන බව කතානායකවරයා පවසා තිබෙනවා.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තේ මේ වසරේ අග හෝ ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණා.