ආරක්ෂක ඇමති ධුරයෙන් ටිරාන් අලස් වහාම ඉවත් කරන්න – නීතිඥ සංගමය රනිල්ට බල කරයි

0

අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය(BASL) ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු කඳවුරේ විසිර යාමේ පෙළපාලියේදී අඅපරාධකරුවන් රටින් තුරන් කිරීම පාපයක් නොවන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ අතර එය මේ වන විට මතභේදයන්ට තුඩු දී තිබෙනවා.

නීතිඥ සංගමය, ඔවුන්ගේ සභා රැස්වීමේ දි අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න සහ ලේකම් චතුර ඒ ගල්හේන දැඩි කනස්සල්ල පළ කළ අතර, එවැනි ප්‍රකාශයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාපිත අපරාධ යුක්ති ක්‍රියා පටිපාටියට පටහැනි මූලික මූලධර්මවලට පටහැනි බව සඳහන් කළා.

වැරදි කරන්නන් සඳහා දඬුවම් ඇතුළු යුක්තිය, නිසි ක්‍රියාවලියට අනුගත වීම, පරිපූර්ණ විමර්ශන සහ සාධාරණ නඩු විභාග අවශ්‍ය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි අධිකරණ බල සීමාව තුළට පමණක් අයත් වන බවයි මෙහි දී නීතිඥ සංගමය පැවසුවේ.

අධිකරණයට පරිබාහිර ඝාතන, අත්අඩංගුවේ පසුවන මරණ, වධහිංසා පැමිණවීම් ඉහළ යමින් තිබියදී අමාත්‍යවරයාගේ ප්‍රකාශය, යුක්තිය අධිකරණයේ විෂය පථයෙන් ඔබ්බට ගොස් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක විය හැකි බවට ඇති දුර්මතය තහවුරු කරමින් මහජන විශ්වාසය පළුදු කරමින් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් නොමග යවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ඔහු ධුරයෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටින නීතිඥ සංගමය, අමාත්‍ය අලස් දණ්ඩමුක්තිය සහ නීතියේ ආධිපත්‍යය නොතකා හැරීම නැවත නැවතත් දිරිමත් කිරීම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාවට නුසුදුසු බවට පත් කරන බව අවධාරණය කර තිබෙනවා.