හිරු බලයෙන් අවසන් නොකළ විවාදය : ජවිපෙ මූලස්ථානයට කුට්ටිගේ නඩයක්

0

ජාතික ජන බලවේගය වහාම ජාතියෙන් සමාව ගතයුතු බව සඳහන් කළ පුවරු රැගත් කුඩා කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය වෙත පැමිණ විරෝධතාවක නිරත වී තිබෙනවා.

එම කණ්ඩායම ඔවුන් හඳුන්වා දෙමින් පැවසුවේ ඔවුන් නව ජනතා පෙරමුණ නම් කණ්ඩායමක් බවයි.

එම පිරිස විරෝධතා පුවරු ඔසවමින් නලින් හේවගේ මහතා හිරු රූපවාහිනී සංවාදය අතරතුර කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බව මෙහි දී ප්‍රකාශ කළා.

නලින් හේවගේ මහතා හිරු බලය වැඩසටහනේ දී ප්‍රකාශ කළේ 88-89 වකවානුවේ ඇතැම් ගම් ප්‍රදේශවල ස්ත්‍රී දූෂකයින්, කසිප්පු කරුවන් මරා දැමුණු බවයි.

එම ප්‍රකාශය ඔස්සේ යමින් පොදු ජන පෙරමුණ නියෝජනය කළ කතිකයන් වූ තිස්ස කුට්ට ආරච්චි හා ඩබ් ඩී වීරසිංහ දිගින් දිගටම නලින් හේවගේට බාධා කරමින් විවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කර තිබුණා.