ONMAXDT අධ්‍යක්ෂවරුන්ගේ බදු වාර්තා CID යට භාර දෙන්න

නීතිවිරෝධී පිරමීඩ ගණුදෙණු සිදුකළ ONMAXDT ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ආදායම් බදු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ (12) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ගොනු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අධිකරණය නියෝග කළේ Onmax හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික, ධනංජය ජයනාත්, සාරංග ජයනාත් සහ ගයාෂාන් යන අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ බදු දත්ත වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසයි.

මෙම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන සම්පත් සඳරුවන්ට අයත් ඉඩම සහ දේපළ තහනම් කරමින් අධිකරණය මීට පෙර ද නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති ගිණුම්වල රුපියල් මිලියන 790ක මුදලක් පවතින බවට බැංකු ගිණුම් වාර්තාවලින් හෙළිවීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...