ඒ මොළේ කාටවත් නෑ. ඒ වෙලාවේ රට භාරගන්න වෙන කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ- ෂෙරිල් රනිල්ට කැමති හේතුව

මෑතක දී එක් වුණු යූ ටියුබ් සංවාදයක දී ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ෂෙරිල් ඩෙකර් රටේ වර්තමාන නායකත්වය සහ දේශපාලන වාතාවරණය පිළිබඳ ආන්දෝලනාත්මක මත දැක්වීමක් සිදු කර තිබෙනවා.

ඇය එහි දී පවසන්නේ රට පසුගිය කාල සීමාවේ මුහුණ දුන් බරපතල අර්බුද හමුවේ වෙනත් කිසිදු නායකයකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ පසුබිමක වර්තමාන ජනාධිපතිවරයා එම වගකීම නොබියව භාර ගැනීම තමා ඉතා අගය කරන බවයි.

ඇය එහිදී මෙසේ පවසා තිබුණා.

“රට යම් හේතුවක් නිසා වැටිලා තියෙද්දී බොරුවට අරය භාරගන්නම් මෙයා භාරගන්නම් කිව්වට කවුරුත් භාර ගත්තෙ නෑනේ. අන්තිමට භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ. එතුමනේ භාරගත්තේ.

එතනදි මම එතුමට කැමතියි.ඒ මොළේ කාටවත් නෑ.ඒක මාර මොළයක්. මිනිස්සු මඩ ගහන්න ගහන්න ඒකට ෆේස් කරන්න ඕන විදිය එතුමා දන්නවා. මම දැකපු දේ. මොකද අපේ රට වැටිලානේ තිබ්බෙ. බනිනව තමයි. හැමදේම ගණන්. ඒ වුණාට නායකයෙක් ඕන නේ මේක ගෙනියන්න. එතුමනේ භාර ගත්තේ. ඒකට මං මාර කැමතියි.”

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...