ජවිපෙ අපේක්ෂයකු කියා සජිත් ස්ටේජ් එකට නග්ගගෙන තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙක්

සමගි ජන බලවේගයට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් එක් වූ බවට සිදු කළ ප්‍රචාරය ව්‍යාජ ප්‍රචාරයක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් ඊයේ (25) පොළොන්නරුව පැවති රැස්වීමක දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරයෙක් තමන් සමඟ එක්වූ බව පවසා සිටියා.

එහෙත් එය සැලසුම් සහගතව සකස් කළ අසත්‍ය ප්‍රචාරයක් බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ පොලොන්නරුව සජබ සංවිධායක කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා විසින්.

ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි බව කියමින් සජිත් ප්‍රේමදාස මහතා සිය වේදිකාවට එක්කරගෙන සිටි පුද්ගලයා හිටිහාමිල්ලාගේ සමන් බණ්ඩාර නමැති අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයෙකු බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

“පහුගිය පළාත් සභා මැතිවරණයේ දී මේ නාම යෝජනා කැඳවා තිබෙන පළාත් සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැඳිවැව කොට්ඨාශයට තරඟ වදින හිටි හාමිලාගෙ සමන් කුමාර අද සජබට ජේවීපී වෙලා” යයි ඔහු හෙළි කර තිබෙනවා.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ https://eservices.elections.gov.lk/pages/ec_ct_KYC_LGA_RP.aspx?lga=MzU3 අනුව ද ඔහු පිළිබඳ තහවුරු කර ගත හැකියි.

එම තොරතුරු වලට අනුව ආණ්ඩුව විසින් කල් දැමූ 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමේ දී පොලොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කයේ පොළොන්නරුව මහ නගර සභා පළාත් පාලන ආයතනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නම් වූ දේශපාලන පක්ෂයේ බැඳිවැව කොට්ඨාසයේ අපේක්ෂකයා වන්නේ මේ කියන හිටිහාමිල්ලාගේ සමන් බණ්ඩාර යි.

Latest News

More like this

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...