රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ V8 රථයකට අරක්ගත් ලේකම් බහිරවයෙක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තමන්ට ලබාදී තිබූ නිල රථය ආපසු භාර නොදීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින බව වාර්තා වේ.

මෙම හෙළිදරව්ව සිදුකර ඇත්තේ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාව මගිනි.

අදාළ ලේකම්වරයා වෙනත් අමාත්‍යංශයකට මාරු කළද මාස 10කට වැඩි කාලයක් නිල රථය භාරදී නොමැති බව එම වාර්තාව හෙළි කරයි.

අදාළ ලේකම්වරයාගේ මාරු වීම 2022 දෙසැම්බර් 31 දින සිදුකළත් අමාත්‍යංශයට අයත් Toyota Land Cruiser V 8 වර්ගයේ රථය ඔහු විසින් මේ වනතුරු එම වාහනය නිල වශයෙන් අමාත්‍යංශයට හෝ ඔහුගේ වත්මන් අමාත්‍යංශයට පවරා දී නැත.

අතුරුදන් වූ රාජ්‍ය වාහනය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක පවසන්නේ, වාහනය ආපසු ලබා නොදුන් හිටපු ලේකම්වරයා මේ වන විට වෙනත් අමාත්‍යංශයක ද්විත්ව භූමිකාවක් දරන බවයි.

වාහනය මාරු කරගන්නා ලෙසට කිහිපවතාවක්ම දැනුම් දී ඇතත් එම නිලධාරියා එම ඉල්ලීම ඉටුකර නැති බව දැනගන්නට ඇත.

මෙම නිලධාරියා මාස කිහිපයකින් විශ්‍රාම යෑමට නියමිත අතර ඔහු පිටත්ව යාමට පෙර වාහනය ආපසු ලබාගැනීමට අමාත්‍යංශය අපේක්ෂා කරයි.

මීට අමතරව, වාහනය ඔහුගේ වත්මන් අමාත්‍යංශයට පැවරීමේ හැකියාව ඇති බව නිලධාරියාට දන්වා ඇතත් ඔහු තවමත් මෙම යෝජනා හෝ ඉල්ලීම් කිසිවකට ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වෙයි.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...