ස්නයිපර් ප්‍රහාරයකින් ජනපති ඝාතනය කරන බව කියූ තරුණයා කම්පියුටර් ගේම් කප්පිත්තෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන තැතක් පිළිබඳ ඉඟි කරමින් සමාජ මාධ්‍ය සටහනක් තැබීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගන්නා ලද තරුණයා එළැඹෙන 08 වෙනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දහනව හැවිරිදි මෙම තරුණයා අනුරාධපුර එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර චූන් පාන් අලෙවිකරුවකු ලෙස කටයුතු කරනු ලබන්නෙකු බව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම තරුණයා අදාළ ප්‍රකාශය සිදු කළේ ජනාධිපතිවරයා එළැඹෙන 07 වන දා එප්පාවල ජාතික පාසලේ උත්සවයකට සහභාගි වීමට නියමිතව සිටිය දීය.

විශේෂ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා හත් වෙනිදා තමාට ස්නයිපර් තුවක්කුවක් ලබා දෙන ලෙස ඔහුගේ සමාජ මාධ්‍ය පණිවිඩයෙන් ඉල්ලීම් කර තිබිණි. රහස් පොලීසිය වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම සටහන දුර දිග බලා දැමූ එකක් නොවන බව ඔහු ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත. ඔහු දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවලට අබ්බැහිවූවකු බව ද රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

Latest News

More like this

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

වැලිගම බිකිණි හැඳ ගත් විදේශ සංචාරකයින් අක්‍රම්ට අකැපද..?

දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක්...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...