ගෝඨාභයගේ ඡන්ද හැට නව ලක්ෂයටම වග කියන්න ලෑස්තියි – දිලිත්ගෙන් පොරොන්දුවක්

0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ලබාගත් හැට නව ලක්ෂයක ඡන්ද පදනම කොල්ල කෑමට කිසිවකුට ඉඩ නොතබන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා පවසා තිබෙනවා.

ඒ බව සඳහන් කරමින් ඔහු පවසන්නේ එම ජනතාව සඳහා වගකීමක් තමන් සතුව ඇති බවයි.

හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් ඔහු පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ මතුගම නගරයේදී පැවති එම පක්ෂයේ ජන රැලියක් අමතමිනි.