අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි පාසල් සිසුවියක් වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් ඇය ඉගෙනුම ලැබූ පාසලේම සිසුන් 22 දෙනෙකු අතින් සමූහ දූෂණයට ලක් වූ පුවත වාර්තා වී දිනක් හෝ ඉකමවා යාමට මත්තෙනි.
13 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසනවා.
අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවද පොලීසිය සඳහන් කර තිබෙනවා.
මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙන්නේ දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවයි.
අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
ඒ අනුව කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති දමිත් ජයතිලක මහතා සහ කාන්තා හා ළමා කාන්ත හා ළමා කාර්ය අංශයේ පොලිස් නිලධාරිනියන් සිදුකළ විමර්ශනයේ දී දැරියව රවටා ගෙන ගොස් රඳවා තබා ගත් යැයි සැක කෙරෙන කොන්දොස්තරවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟම හොරණ රෙමුණ ප්‍රදේශයේ එම කොන්දොස්තරවරයාගේ නිවසේදී මෙම දැරිය සොයා ගත් බව කළුතර උතුර පොලීසිය පවසනවා.
ඉන් පසුව දැරියගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, එම කොන්දොස්තරවරයා දැරිය පැහැරගෙන යාමට පෙර වසර කිහිපයක සිට විවිධ පුද්ගලයින් විසින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි.
දැරිය එම ප්‍රදේශයේ ලැගුම්හල්වලට සහ නිවස ආසන්න ප්‍රදේශවලදී දූෂණයට ලක්ව ඇති බවට ද තොරතුරු එහිදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.
දැරිය මේ වනවිට කළුතර, නාගොඩ ශීක්ෂණ රොහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.