ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට ඇමරිකාවේ සහාය පළ වේ

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනට සහය දීමට ඇමරිකාව කැප වෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දෙරට අතර දිවි පාර්ශවික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනය ඔස්සේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

පැවති ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සහ සාමකාමී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තමා අනාගතය හැඩගස්වා ගැනීමට එහි පුරවැසියන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මියද සෙට්ටිටර් ගිණුමෝසේ සටහනක් අපි මෙන් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතු එකතු කර තිබුණා.

ශ්‍රී ලාංකිකයන් සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව එහිදී ඇය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අහා ඇමරිකාව අතර ඇති දැඩි හවුල්කාරීත්වය ඉතාමත් අගය කොට ඇමරිකාව සලකන බවත් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් චන්ග් මහත්මිය සටහන තබමින් ප්‍රකාශ කළා.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!