ඊළඟට මොකද වෙන්නේ:සිව් දෙනෙක්ගෙන් කැබිනට් මණ්ඩලයක්..

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඒ සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වී තිබෙනවා.

ඒ අනුව නව හැබිනට් මණ්ඩලයක් පත් කිරීමට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බලය හිමි වේ.

මේ වන විට ජාතික ජන බල වේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනකු සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට නියමිත බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබෙනවා.

මේ වන විට ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්නේ විජිත හේරත්,හරිනි අමරසූරිය හා අනුර කුමාර දිසානායක මහතා ය. අනුර කුමාර දිසානයක මහතා ජනපති ධුරයට පත් වීමත් සමඟ හිස් වූ මන්ත්‍රී ධුරයට ලක්ෂ්මන් නිපුණ ආරච්චි පත් කිරීමට නියමිත බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයාද පත්වෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින එම මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය අතරිනි.

මේ අනුව මීළඟ අගමැති ලෙස මහාචාර්ය හරිනි අමරසූරිය පත්වීමට ද ඉඩකඩක් පවතින බවයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බව ජාතික ජන බලවේගයෙන් නායක අනුකුමාර දිසානායක මහතා ඊයේ(22) සඳහන් කළා.

පාර්ලිමේන්තු විසුරු හැරීමෙන් පසු විසුරුවාය හරින ලද දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස් විය යුතුය.

Latest News

More like this

ළමා මනාලියන්ගේ කැළඹිලි සහගත ලෝකය පිළිබඳ කම්පන සහගත ඡායාරූප පෙළක්

ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ...

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...
error: Content is protected !!