ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් යයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් ඊයේ (අප්‍රේල් 22) රාත්‍රියේ මිය පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තියෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ ඔහුගේ නිවස ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදු වුණු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.ප්‍රහාරයෙන් පසු 39 හැවිරිදි ඩෑන් ප්‍රියසාද් රෝහල් ගත කළ බව එම නිවේදනයේ සඳහන්ය.

බරපතල තුවාල සහිතව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වූයේ ඩෑන් ප්‍රියසාද්ට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි.

ඩෑන් ප්‍රියසාද් එම අවස්ථාවේ සාදයකට සහභාගී වී සිටි බව සඳහන්ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඩෑන් ප්‍රියසාද් කාලයක් තිස්සේ මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකට සම්බන්ධව සිටි අතර ජාතිවාදියෙකු ලෙස පෙනී සිටිමින් ජාතිවාදී අදහස් වැපිරීමට කටයුතු කළ පුද්ගලයෙකි.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!