ආසියාවේ නැවත කොවිඩ් රැල්ලක්

හොංකොං, සිංගප්පූරුව, තායිලන්තය, චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු රටවල සහ නගරවල කොවිඩ්-19 රෝගීන් නැවතත් ඉහළ යමින් පවතී.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තයේ ජනාකීර්ණ කලාපවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර සෞඛ්‍ය බලධාරීන් නව බූස්ටර් එන්නත් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

හොංකොං හි වෛරස් ක්‍රියාකාරිත්වය “තරමක් ඉහළ” මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. පසුගිය වසර දෙකේ ආසාදන උච්චතම මට්ටමට ළඟා වූ අවස්ථාවට වඩා මෙම වර්ධනය අඩු මට්ටමක පැවතියත් අපජලයේ වෛරස් බර වැඩිවීම, වෛද්‍ය උපදේශන සහ රෝහල්ගත කිරීම් පෙන්නුම් කරන්නේ ආසාදනය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

තායිලන්තයේ මැයි 17 න් අවසන් සතිය තුළ කොවිඩ්-19 රෝගීන් 33,030 දක්වා ඉහළ ගිය අතර එය පෙර සතියේ වාර්තා වූ රෝගීන් 16,000 සිට දෙගුණයක් බව සඳහන්ය.

අප්‍රේල් මාසයේ පැවති සොන්ක්‍රාන් උත්සවයෙන් පසුව ආසාදන නැවත ඇතිවීම ආරම්භ වුණා. පුළුල් මහජන රැස්වීම සම්ප්‍රේෂන ඉහළ යාමට හේතු වූ බවයි සඳහන් වන්නේ.

කොවිඩ් 19 ධනාත්මක අනුපාතය රට පුරා වැඩි වී ඇති චීනයේ ද රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතී. රෝගීන්ගේ හදිසි වැඩිවීම ගිම්හානයේදී අත්විඳින ලද රැල්ලට සමාන රැල්ලකට ඇතුළු විය හැකි බවට අනතුරු ඇඟවීමක් ලෙසයි සැලකෙන්නේ.

පසුගිය සතිය තුළ ඉන්දියාව ද කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් අත් විඳිමින් සිටිනවා. සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය රට පුරා ක්‍රියාකාරී රෝගීන් 257 ක් වාර්තා කර ඇති බව සඳහන්ය.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!