කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය සඳහා ප්‍රමිතිගත ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටියක් නිර්දේශ කිරීම සඳහා පත් කර ඇති කමිටුව විසින් සෑම වසරකම මුළු කණ්ඩායම වන 150 න් සිසුන් 100,ක් සිවිල් සිසුන් විය යුතු බව යෝජනා කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුව, සෑම වර්ෂයකටම එක් සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගත යුතු බව නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කිරීමට ගත් තීරණයකින් පසුව ඇති වූ මතභේදයන් හේතුවෙන් ජුනි 23 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

නව නිර්දේශ යටතේ තවදුරටත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ කැඩට් පුහුණුව ලැබූ සිසුන්ට වන නමුත් ඉන් පසු විදේශීය සිසුන් සහ දේශීය සිවිල් සිසුන්ට ද අවස්ථාව ලබා දෙයි.

එපමණක් නොව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද තේරීම් නිර්ණායකයක් මත සිවිල් සිසුන්ගෙන් සියයට 10 කට පූර්ණ ශිෂ්‍යත්ව ලබා දීමටද තීරණය කර තිබෙනවා.

KDU වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය Z-ලකුණු මට්ටම් නියමිත වේලාවට දැනුම් දෙනු ලබන බවයි සඳහන් වන්නේ. සාමාන්‍යයයෙන් එය 1.4000 ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් විය යුතුය.

විවෘත විශ්වවිද්‍යාලය හැර, KDU වෛද්‍ය පීඨයට ඇතුළත් වන සිවිල් සිසුන්ට අභ්‍යන්තර පූර්ණ කාලීන සිසුන් ලෙස වෙනත් කිසිදු රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවසර නොලැබෙන බවද සඳහන් ය.

සිවිල් සිසුන්ට නිල ඇඳුමක් ඇඳීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ට සාමාන්‍ය සිවිල් ඇඳුමින් දේශනවලට සහභාගී විය හැකිය.

කමිටුවට අනුව, සිවිල් සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන ශික්ෂණ රෝහල්වල සායනික අධ්‍යාපනය සහ පුහුණුව ලබා ගත හැකි වෙනවා. කෙසේ වෙතත්, රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව හෝ ස්ථිර පත්වීම් ලබා දෙන බවට KDU සිවිල් සිසුන්ට පොරොන්දුවක් ලබා දීමක් සිදු වන්නේ නැහැ.

එවැනි ඕනෑම බඳවා ගැනීමක් සෞඛ්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු මත රඳා පවතින අතර සිසුන් ඇතුළත් වන අවස්ථාවේදී KDU සමඟ මේ සඳහා ගිවිසුමකට එළඹෙනු ඇත.

මෙම නිර්දේශ මගින් KDU වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගත හැකි බව කමිටුවේ අපේක්ෂාව වී තිබෙනවා.

Latest News

More like this

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...
error: Content is protected !!