ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක් සමූහ සමාගම අතර සිදු වූ මතභේදාත්මක කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශනය තීව්‍ර කර තිබෙනවා.

අදාළ ගනුදෙනුවේදී රටට ඩොලර් මිලියන 6.9ක මූල්‍ය අලාභයක් සිදුව තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ එකී පොහොර තොගය ප්‍රසම්පාදනයේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ සක්‍රීයව සිදුවෙමින් පවතින බවයි.

කෙසේවෙතත්, දැනට ක්‍රියාත්මක වන විමර්ශනයේ කටයුතුවලට බලපෑම් ඇති විය හැකි බැවින් වැඩිදුර තොරතුරු නිකුත් කළ නොහැකි බව එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

මෙම මතභේදාත්මක සිද්ධිය 2021 නොවැම්බර් දක්වා දිවෙන අතර, ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් කිංඩාඕ සීවින් බයෝටෙක් වෙතින් ආනයනය කරන ලද කාබනික පොහොර තොගයක් ප්‍රතික්ෂේප කර තිබුණේ සාම්පලවල හානිකර බැක්ටීරියා ඇති බව පවසමිනි.

චීන සමාගම එම පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් තෙවැනි පාර්ශවීය පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම සැපයුම්කරු සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ගැටුමකට තුඩු දුන් අතර, චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලා සිංගප්පූරුවේ බේරුම්කරණ කටයුතු ආරම්භ කළේ අනතුරුවය.

ශ්‍රී ලංකා රජය අවසානයේ චීන සැපයුම්කරුට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙන් ආරවුල සමථයකට පත් කිරීමට එකඟ වුණා.

ගනුදෙනුව තහනම් කරමින් අධිකරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු ණයවර ලිපියක් හරහා මහජන බැංකුව විසින් ගෙවීම සිදු කරනු ලැබුවා.

2022 දී, මෙම පොහොර ගනුදෙනුවෙන් සිදු වූ පාඩු පියවා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව රජයට උපදෙස් දී තිබුණා.

කෙසේවෙතත්, අද දක්වා කිංඩාඕ සීවින් බයෝටෙක් සමාගමට එරෙහිව එවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් ගොනු කර නොමැති බවයි වාර්තා වන්නේ.

2023 දී කරන ලද විමසීම්වලින් හෙළි වූයේ ශ්‍රී ලංකා බලධාරීන් සමාගමට එම මුදල ආපසු ගෙවීමට හෝ වන්දි වශයෙන් රසායනික පොහොර සැපයීමට අවශ්‍ය බව විධිමත් ලෙස දැනුම් දී ඇති බවයි.

කෙසේවෙතත්, චීන සමාගම ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන් රසායනික පොහොර හසුරුවන්නේ නැති බවත්, ඒ වෙනුවට මුලින් ගිවිසුම්ගත කර ඇති ආකාරයේම කාබනික පොහොර තවත් තොගයක් සැපයීමට ඉදිරිපත් වූ බවත්ය.

2023 දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේ, මෙම කාරණයේ සංවේදී රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය අනුව, මෙම ගැටළුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම විසඳුම සමඟ ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඉල්ලා විධිමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයෙන් මග පෙන්වීමක් ඉල්ලා ඇති බවත්ය.

පවතින බේරුම්කරණ ගිවිසුමේ නියමයන් යටතේ අමාත්‍යාංශයට ක්‍රියා කළ හැකි වුවද, ක්‍රියාපටිපාටි අනුකූලතාව සහතික කිරීම සහ අනාගතයේදී ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගැනීම සඳහා පැහැදිලි කැබිනට් අනුමැතියක් ඉල්ලා සිටි බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබුණා.

තවද, එක් අවස්ථාවකදී, කිංඩාඕ සීවින් බයෝටෙක් සමාගම වන්දි මුදලෙන් කොටසක් සඳහා රසායනික පොහොර ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව අනාවරණය වුවද එවැනි විධිවිධානයක් අවසන් කර නොතිබිණි.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!