Sooriya Sulanga Film Premiere

(Lakvahini Gossip)- ඔන්න ඉතින් සිංහල සිනමාව හොල්ලන්න ලෑස්ති වුණු අලුත්ම සුළඟක් ගැන Gossip එකක් අරගෙනයි අද අපි ආවේ. ඒ තමයි ‘සූරිය සුළඟ’!

‘දැහැන’, ‘විමුක්ති’, ‘අරුමෝසම් වැහි’ වගේම ළඟදී Screen වුණු ‘මන්දාරා’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින්ව පිස්සු වැට්ටුව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂකතුමාගේ 7 වැනි සිනමා නිර්මාණය තමයි මේ. ඔන්න 04 වෙනිදා ඉඳන් EAP මණ්ඩලයේ ඇතුළු ලංකාවේ හැම සිනමාහලකම මේක Screen වෙන්න පටන් අරන් තියෙන්නේ!”

“ඉතින් මොකක්ද මේ ‘සූරිය සුළඟ’? මේක මේ දවස්වල Trend වෙන තාරුණ්‍යයේ, ආදරයේ වගේම මේ විෂම සමාජයේ තියෙන මනුෂ්‍යත්වය ගැන කතා කරන පට්ටම Story එකක්. හැඟීම් එක්ක සෙල්ලම් කරන, හදවතටම දැනෙන ෆිල්ම් එකක් කියලයි ආරංචිය.

දන්නවානේ… ප්‍රියන්ත කොළඹගේ කියන්නේ International සම්මාන ගත්තු සුපිරි ඩිරෙක්ටර් කෙනෙක්. එයාගේ ‘අරුමෝසම් වැහි’ චීනෙත් සම්මාන දිනුවා. ‘විමුක්ති’ ෆිල්ම් එක ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව වගේ රටවල් ගණනාවක International සිනමා උළෙලවල් නියෝජනය කළා. ඉතින් මේ අලුත්ම වැඩෙත් සුපිරියටම ඇති නේද?

Cast එක ගැන බැලුවොත්… පිස්සු හැදෙනවා! මේ දවස්වල Hot Topic එකක් වෙලා ඉන්න මේඝ සූරියආරච්චි එක්ක නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ, අශාන් ඩයස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ ලංකාවේ ඉන්න දක්ෂම, ජනප්‍රියම තරු රංචුවක්ම මේකේ රඟපානවා.”

“මනීෂා ද සිල්වා ඇතුළු කණ්ඩායම නිෂ්පාදනය කරපු, රුවන් කොස්තාගේ කැමරා ඇසින් හැඩවුණු ‘සූරිය සුළඟ’ බලන්න ඔයාලත් දැන්ම ළඟම තියෙන Cinema Hall එකට යන්න.

Latest News

error: Content is protected !!