වරායේ සේවකයකුගේ වැටුප රු.171,000ට වැඩියි. තවත් විවිධ සහන දෙනවා. – නිමල් සිරිපාල

වරාය අධිකාරියේ සේවකයකුගේ වැටුප රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවන බව වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ වරාය ඉඩම් විකිණීමට එරෙහිව වරාය සේවකයන් කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වරයා සේවකයෝ උද්ඝෝෂණය කරන්නේ ඉඩම් විකිණීමකට එරෙහිව නෙමෙයි. ඔවුන් උද්ඝෝෂණය කරන්නේ බදු ප‍්‍රතිපත්තියට විරුද්ධවයි.

වරාය සේවකයකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවනවා. තුන් වේලම කෑම දෙනවා. බෝනස් දෙනවා. ඒ වගේම විවිධ සහන දෙනවා. එවැනි පහසුකම් දෙන විට තමයි මේ අය උද්ඝෝෂණ කරන්නෙත්.

සේවක උද්ඝෝෂණ නිසා නැව් පහළොවක් හැරිලා ගියා. උද්ඝෝෂණවල ප‍්‍රතිඵල තමයි ඒ. ඒ නැව් ආවේ මම දැරූ උත්සාහයන් නිසයි. නැවත හැරී ගිය නැව් කිහිපයක් ගෙන්වා ගැනීමටත් හැකි වුණා.

මෙරටට එන නැව් තමන් වෙත ඇද ගන්න ඉන්දියාවේ, බංග්ලාදේශයේ වරායන් බලා සිටිනවා යැයි හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!