අධික ලෙස බීමතින් පුද්ගලයකු හප්පා පලා යන පොලිස් නිලධාරියෙකුට මාර්ග නීති පාඩමක්

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ පදික මාරුවේදී නිල ඇඳුමින් සැරසී බීමතින් සිටි පොලිස් නිලධාරියකු, පුද්ගලයෙකු අනතුරකට ලක් කළ පලා ගිය බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කරන ලද මෙම රථවාහන පොලිස් නිලධාරියා මෙම ක්‍රියාවට විරෝධතාවය දැක්වූ පිරිස සහ මත්තුමගල දේවස්ථානයේ පූජකයෙකු ඉදිරියේ තම ක්‍රියාව නිවැරදි කිරීමට උත්සහ කරන ආකාරය ඇතුළත් වීඩියෝ පටයක් ද මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

පොලිස් නිලධාරියාගේ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කළ පූජකවරයා ඔහු කළ වරදෙ හි බරපතළකම පැහැදිලි කරන ආකාරය එහි දැක්වෙනවා.

තුවාල ලැබූ පුද්ගලයාගේ අතේ සහ පාදයේ අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර, ඔහු කඩිනමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා, හැප්පුණු පුද්ගලයාගේ තුවාල ගැනවත් නොබලා ත්‍රිරෝද රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් යන ආකාරය ද වීඩියෝ පටයේ සටහන්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික පූජකවරයා මහබාගේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ බීමතින් සිටි පොලිස් නිලධාරියා කළ වරදට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...