මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඊයේ (03) දිනයේ ඇතුළත් කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති තරිඳු උඩුවරගෙදර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම මගින් පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2023 සැප්තැම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර 2023 ඔක්තෝබර් 3 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදී.

පෙත්සම්කරු කියා සිටියේ පනත් කෙටුම්පතේ 5 වැනි වගන්තිය යටතේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සඳහා වූ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වීමට විධිවිධාන සලසන බවත්, අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා මෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයින් නිර්දේශ නොකරන බවයි.

පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියේ 12 සිට 25 දක්වා වගන්ති මඟින් පුළුල්, ඕනෑවට වඩා ඇතුළත් සහ නොපැහැදිලි වැරදි නිර්මාණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(d), 10, 12(1) සහ 14(1)(a) වගන්ති උල්ලංඝණය වන බවයි.

මෙම පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10, 12(1), සහ 14(1)(g) වගන්තිවලට හෝ ඉන් එකකට හෝ වැඩි ගණනකට නොගැලපෙන බවට තීරණය කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 සහ 84(2) වගන්තිවලට අනුව විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බව ද ඔහු අදාළ පෙත්සමෙන් පවසා ඇත.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!