තුන් වතාවක් කවුරු එකට ආවත්, ඒ තුන් වතාවෙම දෙවනි නළුවා මමයි – සචින් ලියනගේ

0

ඊයේ (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත්තා .

මෙහිදි රංගන ශිල්පි සචින් ලියනගේ දෙවන ස්ථානයට මනාප ලබා ගත්තා.

ඒ සම්බන්ධව රංගන ශිල්පි සචින් ලියනගේ තම මුහුණුපොතේ සටහනක් තබා තිබුනා.

එම සටහන සහ අදාල විඩීයෝව පහතින්,

ස්තූති මේ පුංචි කොල්ලට දෙන ආදරයට 🙏
Raigamtele’s 2023 ඊයේ දිනත් පැවැත් වුනා…
සුපුරුදි ලෙස ජනප්‍රියම කාන්ඩයට තෙරීපත් වූ මා එහි
දෙවන තැන ගත්තා…

තුන් වතාවක් ජනප්‍රිය කාන්ඩයේ දෙවන ස්ථානයේ සීටීම මට ලොකු සතුටක්… අවුරුදූ ගානක් එක දිගටම මේ ආදරය එහෙන්ම තියෙන එක මට ලොකු ආඩම්බරයක්🤲
“තුන් වතාවක් කවුරු එකට ආවත් ඒ තුන් වතාවෙම දෙවනියට හිටියේ එක නළුවයී” ☺️
සම්මානයට තවම වාසනාව නැතුව ඇති…. හොදම දෙවල් වෙන්නෙ කොහොමත් ටිකක් හිමින්…❤️
සම්මාන උලෙලේ සම්මාන ගත්තා වූ සියලුම කාලා කරුවන්ට සුබ පැතුම්..💐
ඒ වගේ ජනප්‍රිය කාන්ඩයේ සම්මානය ගත්තා වූ උද්දික ප්‍රේමරත්නටත් සුබ පැතුම්…
ඒ වගෙම අපේ දුශේනි කෙල්ලටත් සුබම සුබ පැතුම්🦋
සම්මාන එයී යයී හැබැයී ලැබෙන ආදරේ හැමදාම පරිස්සමට මගේ ලග තියෙයී…. ඒකනේ හිනා වෙලා හැමදාම ඉන්නේ ☺️
ඉතින්,
මගේ ප්‍රෙක්ශකයෙනි සම්මාන ගත්තා වූ අයට සුබ පතනවා ඇරුනු කොට කිසිදු හිත් රිදීම් වචනයක් හෝ නොකියන ලෙස ආදරෙන් ඉල්ලමි..
හිත සතුටෙන් මම ඉන්නේ ඒ මොකද මගේ වටා තියනා වූ ඒ අවන්ක ආදරයට…☺️
මා වෙනුවෙන් එක sms එකක් හෝ යවපු.. සියලුම දෙනාට ස්තුති🙏❤️
හැමදාම මගෙත් එක්ක ඉන්න…
ඒක මට ලොකූ හයියක්..
ඒ වගේම ඊයේ ඉදන් tag වෙන post වලින්,
එන sms වලින්
එන call වලින්
ඒ ආදරය ගොඩාක් දැනෙනවා…
ඒවට හිමීට reply කරන්නම්…..
ස්තුති🙏❤️

සචින් ලියනගේ