පවුලට හිතුවක්කාර වුණු බොලිවුඩ් තරු

0

බොහෝ විට අපිට කැමති දේවල් අහිමි වන්නේ කුඩා වියේදීමයි. බොහෝ විට අපේ අනාගතයේ අපි කවුරුන් විය යුතු ද යන්න තීරණය කරන්නේ අපි නෙවෙයි අපේ දෙමව්පියන්. අද ක්ෂේත්‍රයේ වැජඹෙන බොලිවුඩ් තරු බොහෝ දෙනෙකුගේ කතාවත් මීට වෙනස් නැහැ.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආකර්ෂණීය විනෝදාස්වාද ලෝකයේ වෘත්තීන් තෝරාගන්නා විට ඔවුන්ගේ දෙමාපියන් ඊට විරෝධය එල්ල කළා. සිහින හඹායාමට හිතුවක්කාර මාවත තෝරාගත් ඒ අයගෙන් කිහිප දෙනෙක් අද වනවිට දෙමව්පියන්ගේ ඉල්ලක්ක ගව් ගණනකින් අභිබවා ගොසින්. ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඉල්ලීම්වලට යටත් වූයේ නම් කිසි විටෙකත් නළු නිළියන් බවට පත් නොවන හය දෙනෙක් මේ.

නේහා දුපියා

සිනමා කර්මාන්තයේ නේහාගේ ගමන ආරම්භ වූයේ Minnaram නම් මලයාලම් චිත්‍රපටියෙන්. ඇය 2002 වසරේ Miss India තරගයේ ජයග්‍රාහිකාවයි. එම ජයග්‍රහණයෙන් පසු ඇගේ පියා ඇයට නැවත ගම්බිම් බලායාමට ටිකට් වෙන් කර දුන්නා. “මම හිතන්නේ ඔබ මාස තුනකින් ආපසු එයි කියායි. ඔයා IAS නිලධාරියෙක් වෙන්න ඕන.” අවසානයේ ඇය “Qayamat: City Under Threat” සමඟින් බොලිවුඩයට පිවිසීම නිසා සියල්ල නොසිතූ ලෙස වෙනස් වුණා.

අමීර් ඛාන්

බොලිවුඩය බිහිකළ පරිපූර්ණම නළුවෙකු වන අමීර් ඛාන් නළුවෙකු වීමට පෙර ඔහුගේ දෙමාපියන්ට ඔහු වෙනුවෙන් වෘත්තීය ඉලක්ක ගණනාවක් තිබුණා. චිත්‍රපට ගණනාවකින් ඔහු බොලිවුඩය ආක්‍රමණය කරන්න කලින් ඔහුගේ දෙමාපියන්ට අවශ්‍ය වුණේ ඔහු ඉංජිනේරුවෙක් වනු දැකීමටයි. ඔහු චිත්‍රපට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීම අස්ථාවර බව සලකමින් ඔවුන් දෙගිඩියාවෙන් සිටියා.

ඉර්ෆාන් ඛාන්

නැසීගිය නළු ඉර්ෆාන් ඛාන් බොලිවුඩයේ සහ හොලිවුඩයේ විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කරමින් සාර්ථක වෘත්තිය ජීවිතයක් භුක්ති වින්ද නළුවෙක්. බොලිවුඩයට පිවිසීමේ ඔහුගේ අභිලාෂයට ඔහුගේ දෙමාපියන් කිසි විටෙකත් සහාය ලබා දී තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඔහුට බලකලේ පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙසයි. ඔවුන් සිනමාව පහත් කොට සැලකූ නිසා ඔහුට නළුවෙකු වීමේ අරමුණ ගැන බොරු කියන්නට පවා සිදු වුණා.

පන්කජ් ත්‍රිපාති

කීර්තිමත් නළු පන්කජ් ත්‍රිපාති Gangs Of Wasseypur වැනි චිත්‍රපටවල සුවිශේෂී රංගනයන් ඉදිරිපත් කළ අයෙක්. රංගනය ඔහුගේ මුල් වෘත්තීය තේරීම නෙවෙයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පාපොච්චාරණය කළේ “මට මේ ක්ෂේත්‍රයට එන්න අවශ්‍ය වුණේ නැහැ. මට අවුරුදු 22ක් 23ක් විතර වෙද්දී තමයි මගේ කැමැත්තක් ඇති වුණේ. තාත්තාට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. මම කොහෙන්ද එන්නෙ. උතුරු බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජ් හි ගම්මානයකින්. එහි මිනිසුන් දැන සිටියේ වෘත්තීන් දෙකක් පමණයි. ඉංජිනේරුවෙකු හෝ වෛද්‍යවරයකු වීම.

දීපිකා පදුකෝන්

දීපිකා පදුකෝන්ගේ බොලිවුඩයේ ගමන ඉතා විශිෂ්ට එකක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අති දක්ෂ ක්‍රීඩිකාවක්. ඇයගේ ආශාව රංගනයට යොමු වුණේ වයස අවුරුදු 16 දී. වරක් ඇය තම මවට තම පියාගේ කැමැත්ත නිසා බැඩ්මින්ටන් ක්‍රීඩා කළත් ඇගේ සැබෑ කැමැත්ත ඇත්තේ රංගනයට බව පැවසුවා. ඇය බැඩ්මින්ටන් හැඳින්වූයේ ඇයගේ “දෙවන ආදරය” ලෙසයි.

කන්ගනා රනවුත්

කන්ගනා රනවුත් ඇගේ රංගන කුසලතාවයන් සඳහා ඇගැයීමට ලක්ව ඇති අතර සුවිශේෂී රංගනයන් ඉදිරිපත් කරමින් බොලිවුඩය කැළඹූ නිළියක්. ඇය ලොව හොඳම වෛද්‍යවරිය වනු දැකීමට ඔහුගේ පියාට වුවමනා වුණා. වයස අවුරුදු 15 දී ඇය ඔහු සමඟ ආරවුලක් ඇති කර ගත් අතර ඇයගේම මාවතේ ගමන් කිරීමට නිවසින් පිටවී යාමට තරම් නිර්භය වුණා.